Gossip

පෙට්‍රල් ටොන් 40,000 ක් රැගෙන ‘ලේඩි නෙවරස්කා’ නැව අද කොලඹ වරායට

පවතින ඉන්ධන අර්බුදය විසඳීමට පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 40,000 ක්‌ රැගෙන ‘ලේඩි නෙවරස්‌කා’ නැව මේ වන විට කොළඹ වරාය වෙත පැමිණෙමින් තිබෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌ ‘දිවයින’ ට කීය.

එම නැව අද (08 දා) රාත්‍රි 11 පමණ වන විට දිවයිනට පැමිණෙනු ඇතැයි ද එය ඊයේ සවස්‌ වන විට කොචි සහ බැංගලෝර් අතර මුහුදේ යාත්‍රා කරමින් තිබූ බව ශ්‍රී ලංකා රජය සැටලයිට්‌ මගින් නිරීක්‍ෂණය කර ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මේ තෙල් නැව කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති අතර ඒ අනුව පැමිණීමට නියමිත වේලාවට පැය දෙකකට පමණ පෙර තෙල් නෞකාව ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!