Gossip

ශ්‍රි ලංකා කණ්ඩායමේ සිහිනයක් ගැන හේරත් හෙලි කරයි

ප‍්‍රවීන දගපන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ සුපිරි පන්දුයැවීම හේතුවෙන් පසුගියදා පාකිස්තානු කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 16ක් ලබාගැනීමට රංගන හේරත් සමත් වු අතර එහිදී ටෙස්ට් කඩුලු 400ක් ලබා ගත් ප‍්‍රථම වමත් දග පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරටද එක් වුවා.

මේ වන තෙක් ඉන්දියාවේදි හා ඔස්ට්‍රේලියාවේදි එක් ටෙස්ට් තරගයක් හෝ ජයග‍්‍රහණය කිරීමට අපොහොසත් වී ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ මෙම මස 16වැනිදා ඉන්දියාව සමග ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ජයගැනීමයි.

තවත් නොබෝ දිනකින් ආරම්භ වන ටෙස්ට් තරගාවලිය පිළිබද ශ‍්‍රී ලංකාවේ සිටින ප‍්‍රවීන දග පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ඉන්දියාන ක‍්‍රිකට් වෙඩ් අඩවියක් සමග පවසා ඇත්තේ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට තමාගේ සිහිනයක් බවයි

‘‘ඒක මගේ සිහින වලින් එකක් ..අප මීට පෙර කිසි දිනෙක ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නෑ.පාකිස්තානු කණ්ඩායම සමග පැවැති තරගාවලිය ජය අපට විශාල විශ්වාසයක් ලබා දුන්නා.වැදගත් වන්නේ ජයග‍්‍රාහී මානසිකත්වයයි. අපි පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පෙන්වු සටන්කාමීත්වයේ ස්වභාවය මෙම තරගාවලියේත් පෙන්නුම් කරනවානම් අපිට ඉන්දියාවට එරෙහි ටෙස්ට් ජයක් ලැබීමට අමාරු වෙන්නෙ නෑ.ඒ නිසා ඉන්දියාවේ ටෙස්ට් තරඟයක් ජය ගැනීමට ලැබීම කෙතරම් විස්මයක්ද යැයි”රංගන හේරත් පවසා ඇත

මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි අංක එක ස්ථානයේ පසුවන ඉන්දියානු කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ ප‍්‍රබල පිතිකරණ බලඇණියක් හා ප‍්‍රබල දගපන්දු යවන්නන් දෙදෙනෙකු වන රවීන්ද‍්‍ර ජඩේජා හා රවිචන්ද‍්‍රන් අශ්වින් සමගයි.

”ඔවුන්ට ගොඩක් අත්දැකීම් සහ ඉතාමත් හොද පළමු පෙළ ක‍්‍රිකට් ව්‍යුහයක් තියනවා..අපි රන්ජි කුසලානය ගත්තොත් එම තරගාවලියෙන් ජාත්‍යන්තර තරග සදහා ක‍්‍රීඩකයින්ව විශිෂ්ට ලෙස සූදානම් කරනවා.පන්දු යැවීමේදී විවිධ පන්දු යැවීමේ වෙනස්කම් සිදුකරමින් ඔවුන්ට පන්දු යවන්න උගන්වනවා.අපිට ඒ වගේ පළමු පෙළ තරගාවලියක් නෑ.අපේ ක‍්‍රීඩකයින් එවැනි අභියෝග වලට සූදානම් වෙන්නේ ‘ඒ’ කණ්ඩායම් ක‍්‍රිකට් වලදි පමණයි” යැයි හේරත් පවසා ඇත

පසුගියදා ශ‍්‍රී ලංකාවේදී පැවැති තරග තුනකින් යුත් ඉන්දිය ටෙස්ට් තරගාවලියේදී අබාධයක් හේතුවෙන් අවසන් තරගයට සහභාගී නොවු රංගන ට පළමු තරග දෙක තුළ බිද හෙළීමට හැකි වුයේ ඉන්දීය කඩුලු 05ක් පමණි.

”ඉන්දියාව එක්ක අපේ රටේදී තිබුණු තරගාවලිය්දී මට කඩුලු ලබාගැනීමට හැකි වුනේ නෑ.අපි ගොඩක් උත්සාහ කළත් අපිට ඔවුන්ගෙ සම්බන්ධතා බිද හෙළිමට අපහසු වුනා.අපිට අවස්ථා කිහිපයක් අහිමි වුනා.එම නිසා අපි ඔවුන්ගේ කඩුලු 20 බිදහෙළිමට කළ යුත්තේ කුමක්ද කියා සැලසුම් කළ යුතුයි” යැයි රංගන වැඩිදුරටත් පැවසිය

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දුයැවීමට හේතුවෙන් 2011 වර්ෂයේදී දකුණු අප‍්‍රිකාවේදී ප‍්‍රථම ටෙස්ට් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රි ලංකාව සමත් විය. එම තරගයේදී ද කඩුලු 09ක් බිද දමමින් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගැනීමට රංගන හේරත් සමත් වු අතර එවැනිම දස්කම් දක්වමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ප‍්‍රථම ටෙස්ට් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවායි අපේ පැතුමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!