Gossip

“රංගනයේ දී ඇති වූ හිතවත්කම නිසා සම්බන්ධයක් ඇති වුණා. මාව තේරුම්ගත්ත, මට බලපෑම් නොකරන කෙනෙක් වුණොත් මම විවාහ වෙයි”

රොෂාන් පිලපිටිය කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් කවුරුත් අතර ජනප්‍රිය නළුවෙක්.
රංගන ශිල්පිනී චතුරිකා පීරිස් සමඟ ඔහු විවාහ දිවියට පත්වී එම සබඳතාව බිදී යාමත් සමඟ කවුරුත් අතර ලොකු කතාබහක් ඇතිකළ චරිතයක් වුණා.
පසුව ඔහු සානිලි රත්නායක නම් තරුණියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවටද අන්තර්ජාලය ඔස්සේ විවිධ පුවත් පැතිරුණා.
කොහොම වුණත් රොෂාන් මේ හැමදේම ගැන මාධ්‍යයට කියලා තිබුණේ මේ විදිහට.

ඔබගේ විවාහ ජීවිතයේ අත්දැකීම ගැන මතක් කළොත්..?
”රංගනයේ දී ඇති වූ හිතවත්කම මත චතුරිකාට සමඟ සම්බන්ධයක් ඇති වුණා.
අපේ ජිවිතේ හැමදෙයක්ම ලියවිලා එනවා කියලා මං හිතන්නේ.
ඒ අනුව තමයි හොද හෝ නරක හැම දේම සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් ගැන මගේ හිතේ කම්පාවක් නෑ.
සතුටින් ඉන්නවා. නමුත් ආදරේ කරන්න තරම් මේ රට සුදුසු රටක් නෙවේ කියලයි මට හිතෙන්නේ.”

අද පවතින සමාජ වටපිටාව ගැන රොෂාන් ඉන්නේ අප්‍රසාදයකින් නේද..?
”අද හැමතැනම අපට ඇහෙන්නේ, දකින්න ලැබෙන්නේ හොද පැත්ත නෙවේ.
ගීත කලාව ගත්තත් හොටු පෙරාගෙන අඩන ගීත, ටෙලි නාට්‍යවලත් එහෙමයි. තරුණ තරුණියන් සිය දිවි නසාගන්නවා. ඒ වගේ තරුණ පරපුරේ අයට විශාල අර්බුද ගොඩක් තියෙනවා.
මාධ්‍ය භාවිතය තුලත් එය තිබෙනවා. මේක තමයි සත්‍ය.
ඉතිං ඔය තුළ ආදරය කරන්න, විඳින්නට හරියට පුලුවන් තත්වයක් තරුණයින්ට තිබෙනවාද කියලයි මම ප්‍රශ්න කරන්නේ.

මේ රටේ ආදරය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමස්තයක් වශයෙන් මේ රටේ ආදරය කිරීමේ අයිතිය කොල්ලන්ට නෑ. ඒ කාලේ මම සින්දු කිව්වේ හෝටල් වල, ක්ලබ් වල වගේම තොසේ කඩෙන් ද කෑම කනවා. මම දකිනවා සල්ලි තියෙන අය හැසිරෙන විදිය හා දුප්පත් කොල්ලෙක් හැසිරෙන විදිය අතර තියෙන වෙනස. දේශපාලකයෝ හෝටලේ කොරිඩෝවටම ගැහැණුන් එක්ක ගිහිල්ල ජොලි කරලා කිසිම දෙයක් වුනේ නැති ගානට ඇවිත් දුප්පත් තරුණ තරුණියන්ගේ ආදරයට පෙරළා ගහන හැටි මං දැකලා තියෙනවා.
මේ දුප්පත් අයට ආදරය කරන්න තැනක් නැති හින්දා තමයි බස් එකේ හරි කිස් එකක් දෙන්නේ. ඒක හොඳයි කියලා කියනවා නෙවේ. එහෙම අජූත තැනක තමයි ඉන්නේ.
ඒ වගේම ගීත වලින් sex මාකට් කරනවා. මේක බැරියර්ස් තියෙන රටක්. sex කියන්නෙත් ආදරය කියන්නෙත් බැරියර්ස් නැති දෙයක්.
ලෝකේ කොහෙවත් බැරියර්ස් නෑ. අපේ රට තමයි ආදරය කරන්නවත් මොන මඟුලකටවත් අයිතියක් නැත්තේ.
මට වඩා තරුණ පරපුරට මෙය විශාල අසාධාරණයක්. අවුරුදු 18න් ඉහළ අයගේත් දුරකථන චෙක් කරනවා, sex තියනවාද බලන්න. එහෙම රටක අපි ඉන්නේ. ඉතිං කොහොමද ආදරයක් ගැන කතා කරන්නේ.”

රොෂාන් ආදරය ගැන කතා කළොත්..?
”ආදරය කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක්. සමහරුන්ට හරියනවා. සමහරුන්ට වරදිනවා.
ඒක ජීවිතයේ දැනෙන තවත් එක් හැගීමක්. ආදරයට ගෞරව කරනවා. වැරදුණා කියලා ජීවිතේම වරදින්නේ නැහැ. වෛරය ක්‍රෝධයට වඩා ආදරය උතුම් දෙයක් ලෙසයි මම සළකන්නේ.
මේ මොහොතේ මට පෙම්වතියක් නැහැ. ගැළපෙන අදහස් හරියන, මාව තේරුම්ගත්, මගේ රංගනය කරන්න එපා කියල බලපෑම් කරන්නේ නැති කෙනෙක් හමු වුනොත් මම විවාහ වෙයි.
නැත්නම් මේ විදියටම ඉදීවි. තනිකඩව ඉන්නවා කියන්නේ පරාජිත බවක් නෙවෙයි. ස්වාධීනව ජීවත් වෙන්න ඉතාම සතුටින් පුළුවන්.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!