Gossip

“ජනවාරි 23 අපි විවාහ වෙනවා. ඇත්තටම අපි දෙන්නා හොඳින් තේරුම්ගෙන ගොඩක් ආදරෙන් ඉන්නවා” – රෝහිත රාජපක්ෂ

රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ගැන මේ දවස්වල හැමෝම වගේ කතා වෙනවා.
ඒ ඔවුන්ගේ මංගල උත්සවය මේ මස 23 වැනිදා පැවැත්වෙනවා කියන ආරංචියත් එක්ක.
ඒ ගැනත් ඔවුන්ගේ ආදරය ගැනත් රෝහිත සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

රෝහිත රාජපක්ෂ කියන්නේ ආදරණීය පෙම්වතෙක් ඉතින් රෝහිත තමන්ගේ girlfriend ට විවාහ යෝජනාව කරන්නේ වෙනස් විදියට නේද?
ඔව්. මම ඇයට විවාහ යෝජනාව කරන්නේ අපි‍්‍රකාවේ උසම කන්ද උඩදී. සාමාන්‍යයෙන් අපි නිතරම මගේ යාළුවොත් එක්ක travel කරනවා.
ඉතින් trip එකක් විදියට තමයි අප්‍රිකාවේ උසම කන්ද අපි තරණය කරන්න ගියේ.
ඇත්තම කිව්වොත් අපි Challanges වලට ගොඩක් ආසයි. ඒ නිසා මමයි මගේ girlfriend යහළුවෝ කිහිප දෙනෙක් එක්ක විටින් විට රටවල්වලට ගිහින් කඳු නඟිනවා.
කොහොම නමුත් මට හිතුණා ඒක තමයි හොඳම අවස්ථාව කියලා විවාහ යෝජනාව ඇයට කරන්න ඉතින් මම ඇයට Propose කළා.

මේ ආදර කතාවට දැන් කොපමණ කල් වෙනවද?
දැන් කාලයක් වෙනවා. ඇත්තටම අපි දෙන්නා හොඳින් තේරුම් ගෙන ගොඩක් ආදරෙන් ඉන්නවා.

අපිට ආරංචි වුණා රෝහිතටත් මංගල සීනු හඬ වෙලා කියලා. ළඟදී විවාහ වෙන්න නේද ඉන්නෙ?
(සිනාසෙමින්) ඔව්. ජනවාරි 23 අපි විවාහ වෙනවා.

රෝහිත රාජපක්ෂ කියන්නේ ගායකයෙක්. ළඟදී අලූත් ගීතයක් කළා නේද?
ඔව්. මගේ අලූත්ම ගීතය ‘සලෙලි හද. ගීතය කළේ රදීෂ් වැන්දබෝනා අයියා” පද රචනය මාලනී ලියනගේ Video Director සංදේශ් බණ්ඩාර.

රෝහිත හිතනවද ඒ උත්සාහය සාර්ථකයි කියලා?
අපේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවා. මේ වෙද්දි Video එකක් Trailer එක Out වෙලා තියෙන්නෙ. music video එකක් ඉක්මනින්ම release කරන්න බලාපොරොත්තු වෙනවා. trailer එකට හොඳ ප‍්‍රතිචාර තියෙනවා මේ වනවිට.

කලාව පැත්තෙන් රෝහිතගේ ඉදිරි සැලසුම් මොනවද?
කලාව ඇත්තටම මගේ විනෝදාංශය. මට ලොකු බලාපොරොත්තු නැහැ. Music Side එකෙන් ඉඳහිට ගීත නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

රෝහිත රංගනයටත් යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මට Film දෙක තුනකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඉදිරියේදී බලමු.

රෝහිත දේශපාලනයට යොමු වෙන්න අදහසක් නැහැ කියන්නෙ ඇත්තද?
ඔව්. දේශපාලනයේ ඒ ප්‍රෙෂර් එකට මුහුණ දෙන්න මම කැමැති නැහැ.

රෝහිත ගීතයක් එළිදක්වන්න දිගු කාලයක් ගත්තේ ඇයි?
මම Song එකේ කළාම මුලින්ම මගේ යාළුවන්ටයි” මගේ ළඟම හිතවත් අයටයි අහන්න දෙනවා.
ඊට පස්සෙ එයාල ගේ අදහස් අනුව අඩුපාඩු තියෙනවා නම් හෝ මොකක් හරි වෙනසක් කරන්න කිව්වොත් ඒ ගැනත් සලකා බලලා වෙනස්කම් කරන්න අවශ්‍ය තැන්වල වෙනස්කම් කරනවා. මොකද කිව්වොත් හදිසියට නිර්මාණයක් කරනවාට වඩා කාලය අරගෙන හොඳ නිර්මාණයක් මගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් එළිදක්වන්න පුළුවන්නම් ගොඩක් වටිනවනෙ.
මම නිතරම උත්සාහ කරන්නේ හොඳම දේ එයාලට ලබා දෙන්න. ඒ නිසා තමයි ටිකක් වැඩිපුර කාලයක් අරන් නිර්මාණයක් කරන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!