Gossip

මට ඕන වුණේ වීඩියෝ එකක් ජනප්‍රිය වෙන්න නිරුවත ඕනේ නැහැ කියලා පෙන්වන්න – රෝහිත රාජපක්ෂ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ගැන දැන් හැමතැනම වගේ කතා වෙනවා.
ඒ ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝව නිසා.
නාමලුත් එකතු කරගෙන රෝහිත කරපු මේ අලුත්ම වීඩියෝව ගැන ඔහු සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ වගේ කතාවක්.

මුල් ගීතයට හොඳ ප්‍රතිචාර ලබලා ලොකු කාලයක් ගතවෙන්න කලින් තවත් අලුත් ගීතයක් කරන්න හිතුවේ ඇයි..?
මුල් සින්දුව දැන් මාස අටක් වෙනවා. මට හිතුනා ඒ කාල පරාසය ඇති කියලා.
අනික එකම විදිහේ වීඩියෝ එක්ක යන මේ රැල්ල වෙනස් කරන්න ඕන කියන දේ මගේ හිතේ තියෙනවා.
ඒ නිසයි මම හිතුවේ අලුත් තේමාවක් එක්ක මගේ වීඩියෝ එක කරන්න.

අයියාවත් වීඩියෝ එකට ගත්තේ ඉක්මනට ජනප්‍රිය කරගන්න හිතාගෙනද..
ඇත්තටම කිව්වොත් අයියව ගත්තේ බලෙන් වගේ. අයියව වීඩියෝ එකට ගන්න ඕන නිසා ඒ චරිතෙත් අලුතෙන්ම හැදුවා. බලෙන් ගත්තා කියලා පෙනුනේ නැති තරම් හොඳට නැචුරල් විදිහට අයියත් රඟපෑවා.

අලුත් විදිහට වීඩියෝ හදන්නේ ජනප්‍රිය වෙන්නද.?
මගේ මුල් වීඩියෝ එකටත් මම හිතපු නැති තරම් ප්‍රතිචාර ලැබණා.
චාට් ෂෝවල අංක එකට ආවා.
ඒ වීඩියෝ එක ජනප්‍රිය වුණේ නිරුවත පෙන්වලා නෙවෙයි. මගේ දෙවැනි වීඩියෝ එකෙනුත් මට ඕන වුණේ වීඩියෝ එකක් ජනප්‍රිය කරවන්න නිරුවත ඕන නැහැ කියලා පෙන්වන්න.

ඒ වුණත් රෝහිතගේ වීඩියෝ එක ඉරාජ් ප්‍රඩක්ෂන් විදිහටයි දකින්නේ..?
ඉරාජ් ප්‍රඩක්ෂන් හවුස් එකේ ප්‍රියංග තමයි වීඩියෝ එක හැදුවේ. ඒත් මේක ඉරාජ්ගේ වීඩියෝ එකක් නෙවෙයි.

අයියව ගත්ත නිසා වීඩියෝ එකට දේශපාලානය ගෑවුණා කියලා හිතෙන්නේ නැද්ද..?
මම අයියව වීඩියෝ එකට ගත්තේ අයියා විදිහට විතරයි.
එයාව මට පෙන්නේ අයියා විදිහට මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට නෙවෙයි. තාත්තා වුණත් එහෙමයි.
අපේ ගේ ඇතුලේ දේශපාලනය නැහැ. අයියව මගේ වීඩියෝ එකට ගත්ත එක දිහා වැරදි ඇහැකින් බැලුවොත් වැරදියට පෙනේවි.
කලාව දිහා දේශපාලන ඇහෙන් බලන්න එපා කියලා විතරයි මට කියන්න තියෙන්නේ..

වීඩියෝ කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද..?
සල්ලි ගෙදරින් ඉල්ලන්න බැහැනේ.. අනික ගොඩක් අය හිතාගෙන ඉන්නවා වගේ වීඩියෝවලට වියදම් කරන්න තරම් ලොකු සල්ලියක් ගෙදරින් ඉල්ලගන්න මට බැහැනේ.
ඒ නිසා මම තමයි සල්ලි හොයාගත්තේ. මට හම්බෙන සල්ලි, යාළුවන්ගේ සල්ලි ඔක්කොම එකතු කරලා තමයි මේ වැඩ කරන්නේ.

අලුත් වීඩියෝ එකකට ටටියානාව ගත්තේ නැත්තේ ඇයි..?
එයා කැමති වුණේ නැහැ වීඩියෝවල දිගටම ඉන්න.
එයා කිව්වේ වීඩියෝ ඔක්කොම එක වගේ වෙයි කියලා. අලුත් මූණක් තිබුුණම ලස්සනකුත් වෙනසකුත් තියෙනවා. අනෙක අලුත් කෙනෙකුට අවස්ථාව ලැබෙන එකත් හොඳයිනේ.

රෝහිත කවදාහරි දේශපාලනයට ඒවිද..?
මම දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් මම අයියලට තාත්තට උදව් කරනවා.

ටටියානාගෙන් රෝහිතගේ වැඩවලට ලැබෙන සහය කොයි වගේද..?
මගේ කලා වැඩවලට නම් වැඩිපුරම සහයෝගය දෙන්නේ ටටියානා. මාව බලෙන් වගේ අරගෙන ගිහින් ප්‍රැක්ටිස් කරවන්නේ එයා. ළඟදි ෂෝ කීපයක් තියෙනවා.
ඒවට යන්න මාව උනන්දු කරවන්නෙත් එයා..

ළඟදි විවාහ වෙන්නත් අදහසක් තියෙනවද..?
මුලින් අයියලා දෙන්නට අවස්ථාව දෙන්න ඕනේ.. අයියලා දෙන්නටම තවම එහෙම අදහසක් නැහැ.. ඒ නිසා මමත් දැන්ම විවාහ වෙන්නේ නැහැ…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!