Gossip

බුකිය කළඹමින් එළියට ආපු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනගේ වීඩියෝව මෙන්න

දැනට අමෙරිකාවේ ජීවත්වන ජනප්‍රිය නිළියක්ව සිටි ඩිලානි අබේවර්ධන සිය ෆේස්බුක් පිටුවට ඇය නර්තනයේ යෙදෙන වීඩියෝවක් එක්කර තිබෙනවා.

ජනප්‍රිය ගායකයෙක් වූ සමන් පුෂ්පවර්ණ හා විවාහ වී සිටින ඩිලානි සිය දරුවන් සමග සැමියා සමග ඇමරිකාවේ පදිංචියට ගොස් මේවන විට වසර 20ක් පමණ වන බව පැවසෙනවා.

ඩිලානි මේවනවිට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස සේවය කරනු ලබන බවද වාර්තා වනවා. ඇය සිංහල සිනමාවට එක්වූයේ 1986 වසරේදීයි.

ආනන්ද වික්‍රමසිංහගේ සටන චිත්‍රපයේ රඟපාමින් සිනමාවට එක්වූ ඩිලානි කෙලිමඬල, සයනයේ සිහිනය, සඳ මඩල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්‍රකීලය, සීතල ගිනි කඳු වැනි චිත්‍රපට රැසකට සිය රංගනයෙන් දායක වුණා.

මේ ඇය එක්කළ වීඩියෝව සහ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!