Gossip

මාර්ග නීති දඩය තවත් වැඩිවෙයි – වැරදි 6ට අවම දඩය රු.25,000යි

11

බීමත්ව රිය පැදවීම,අධික වේගය ඇතුළු රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට බස් සංගම් එකඟවූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව කියැවෙයි

 

 

 

 

 

 

 

 

 

 

1 Comment

1 Comment

  1. modaya

    November 21, 2016 at 10:28 pm

    මෙන්න වැඩ. අපි ඔහේලට චන්දෙ දුන්නේ පාරවල් හදන්න නොවෙය් . රට හදන්න. රටේ විනයක් ඇතිකරන්න. මේ රටේ වාහන ධාවනය කියන්නේ ලෝකයේ නරකම එක වෙන්න ඕන. මම හිතන්නේ ඉන්දියාවේ වත් මෙච්චර නරක නැතුව ඇති. මේවා වෙනරටවල්වල මිනිස්සු දකිනකොට විලිලජ්ජාවේ බැහැ . මුදල් ඇමති මගේ ප්‍රියතම ඇමති නම් නොවෙය්. එත් කරන වැඩ දිහා බැලුවම පැහැදීමක් ඇතිවෙනවා.
    පොලිස් පති තුමාටත් වගකීමක් තියනවා. මේක පොලිසියේ මහත්තුරුන්ට අමතර අදායමක් වෙන්න දෙන්න හොඳ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!