Gossip

දෙසැම්බර් 03දා සිට කහ ඉරි ඉවත් කරයි

මෙරට මාර්ගවල තිබෙන කහ ඉරි සියල්ල දෙසැම්බර් මස 03 වනදා සිට සුදු පැහැ කිරීමට තීරණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේ පාර මාරුවීම සඳහා භාවිතා කරනු ලබන කහ ඉර ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව මෙහි පළමු පියවර දෙසැම්බර් 03 වනදා බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඉන් පසු සෑම පළාතකම මෙය ක්‍රියාත්මක කරන බව නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මෙරට මාර්ගවල ඇති සියලු කහ ඉරි සුදු පැහැ ගැන්වීමේ කටයුතු වසරක් ඇතුළත සිදු කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

1111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!