Gossip

රොෂාන් අයියා ඉන්න වෙලාවට එයා මට කන බත් පිගානවත් හෝදන්න දෙන්නෙ නැහැ. අත ළඟට වතුර එක ගෙනත් අත සෝදවනවා – රිද්මා පිලපිටිය Exclusive

රොෂාන් පිලපිටිය කියන්නේ රිද්මා පිලපිටියගෙ හුස්ම ටික. අපිට ඒ විදියට දකින්න අහන්න ලැබෙන ආදරණිය යුවලක් තමයි රොෂාන් සහ රිද්මා කියන්නේ. මේ වෙනකොට දෙන්නගෙ ආදරේ ප්‍රතිළුලය ඔවුන් ළගට එනකන් ගොඩක් නොයිවසිල්ලෙන් මේ දෙන්නා බලාගන ඉන්නවා කියලා තමයි වෙබ් ගොසිප් අපට ආරංචි වුණේ. ඉතින්  මේ ගැන ඔවුන්ගෙන්ම දැනගන්න අපි රිද්මා එක්ක සුහද කතාබහක යෙදුණා.

දැන් රොෂාන්ගේ ආදරේ වැඩි වෙලාද..?

ඔව් ගොඩක් වැඩිවෙලා.මං හිතන්නේ හැමදාම වැඩී කියලා ඒ වුණාට එන්න එන්න දවසින් දවස ඒ ආදරේ වැඩි කියලා හිතෙනවා.

ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා විශ්වාසද..?
අප්පෝ ඔව්.එයාගෙ ආදරේ වෙනස් වෙන්නේ නැහැ.ඒක මට දැනෙනවා.

රිද්මා මවක් වෙන්න යනවා කියලා දැනගත්තම රොෂාන් ඉස්සෙල්ලම මොකක්ද කිව්වේ..? ඒ වෙලේ ඔහුට ඇතිවුණු හැගීම..?
ඇත්තටම රොෂාන් අයියට ජීවිතේ ලොකුම සතුට තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන එක.මොන දේවල් තිබුණත් එක තමා එයාගේ ලොකුම ජයග්‍රහණය. එයාට එදා මොකුත් කියාගන්වත් බැරි වුණා ඇත්තටම ඇස්වලට කඳුළු ආවා.
හැම වෙලාවෙම මගෙ ඔලුව අතගාලා මට පිං දෙනවා මට බබෙක් දෙනවානේ කියලා. එතකොට මට තේරෙනවා එයා නොසෑහෙන්න සතුටින් ඉන්නේ කියලා.

දුවෙක් ද නැත්තම් පුතෙක් එනකම් ද මගබලාගන ඉන්නේ?
මම නම් ඉතින් මුල ඉදම්ම පුතෙක්ම තමා. අයියා කවුරු වුණත් කමක් නැහැ කියනවා. මං වගේම දුවෙකුටත් ආසයි ගොඩක්. මං හිතනවා ‌‌ගොඩක් පුතෙකුට ආසයි කියලා එයා. කොහොම වුණත් අයියගේ අම්මලා එහෙම කැමති මුණුබුරෙක්ට පිලපිටිය පවුලටයි දිසානායක පවුලටයි ඉතින් මුණුබුරෙක් ගේනවට කැමති. කවුරු වුණත් පළවෙනි දරුවා ආදරෙන් සතුටින් භාරගන්නවා.suprise වෙන්නත් එක්ක පළවෙනි දරුවා නිසා scan කරලා බැලුවෙ නැහැ.දරුවට සුදුපාටින් තමයි ඇදුම් සේරම ගත්තේ.

රොෂාන් කාර්යබහුල නිසා කොහොමද ඔයා වැඩ කලමනාකරණය කරගන්නේ?
ගෙදර වැඩවලට පුළුවන් වෙලාවට රොෂාන් අයියා උදව් කරනවා සහ මට ගෙදර වැඩට උදව්වට කට්ටිය ඉන්නවා.ඒ කට්ටිට හිටියට රොෂාන් අයියා ඉන්න වෙලාවට එයා මට කන බත් පිගානවත් හෝදන්න දෙන්නෙ නැහැ. අත ළඟට වතුර එක ගෙනත් අත සෝදවනවා.මට කරන්න කිසිදෙයක් නැහැ.ඔහේ ඉන්න එක තමයි මේ දවස්වල කරන්නේ . වෙලාවක් තියන වෙලාවට දෙන්නත් එක්ක එකතු වෙලා මල් හදනවා. මට තියෙන ප්‍රශ්ණේ මට මොකුත් කරන්න දෙන්නේ නැති එක.

රොෂාන් තමන්ගේ සැමියා කරගන්න ඔබ ඔහු තුළින් දැක්ක විශේෂත්වය මොකක්ද?
රොෂන් අයියා අපි දකින්නේ නළුවෙක් විදියටනේ. එයා එක්ක කතාබහ කරනකොට තමයි තෙරෙන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි ඇතුලේ ජීවත් වෙන්නේ කියලා. ගොඩක් ආගම දහමට ලැදි පුද්ගලයෙක් . එකයි මම එයාට කැමති වුණේ. හරිම සන්සුන්.කතාබහා හරිම වැදගත් ඒ වගේම ගැහැණු අයට ගොඩක් ගරු කරනවා.අම්මට ගොඩක් ආදරේ පුතෙක් එයා.එහෙම කෙනෙක් අනාගත බිරිදට කොහොමත් ආදරේ කරනවා ඒ ගෞරවය ලබා දෙනවානේ. ඒ දෙවල් වලට තමා මම කැමති වුණේ.

රොෂාන් කියන්නේ පුංචි තිරයේ අහිංසක චරිතයක්. ගෙදරදිත් ඒ වගේම රොෂාන් අහිංසක කෙනෙක් ද?
පොඩි දරුවෙක් වගේ එයා .මට දරුවො දෙන්නෙක් ඉන්නවා වගේ. හරි අහිංසකයි.එයාට කේන්ති එනවත් අඩුයි. මම දැකලා නැහැ එයාට කේන්ති එනවා. හරිම නිවිච්ච චරිතයක් එයා. කතා කරනවත් අඩුයි.වැඩිපුරම කතා කරනවා ඇත්තේ මාත් එක්ක වෙන්න ඇති. හරි අහිංසකයි එයා ඇත්තටම පොඩියට විහිළුවක් කළත් හිතන්නෙ ඇත්තට කියලා.

රොෂාන් බුදු දහමට ගොඩක් ලැදි නිසාද pregnancy photo shoot එක පන්සල් භූමියක සිදුකරන්න පෙළඹුනේ ?
ඔවු ඇත්තට. අපි දෙන්නම බුදු දහමට ලැදී. මම marry කරන්න කලින් ඉදන්ම භාවනා කරනව,යෝගා කරනවා ඒ පුරුද්දම ‌රොෂාන් අයියගෙත් තිබ්බා.එයා හැමදාම උදේට shooting යන්න කලින් භාවනා කරනවා.නිදාගන්න කලිනුත් භාවනා කරනවා. අපි ඒ වගේ පරිසරයක ඉන්න නිසා අපේ චූටි පැටියටත් ඒ ආදර්ශය දෙන්න ඔින නිසා අපි එදිනදා කරන දේ එයත් ඒ විදියටම කරන්න ඔින කියන දේ පෙන්නන්න තමයි අපි පන්සලක shoot එක කලේ.

ඔබ මේ වෙනකොට රංගනයට යොමුවෙලා තිබෙනවා.බබා ලැබුණට පස්සේ රංගනයෙන් ඉවත් වෙනවද?
මෙහෙමයි,අපෙන් කෙරෙන production වල තමයි වැඩ කරත් කරන්නේ.රංගනයට මූලිකත්වයක් දෙන්න ඉස්සරත් කැමති වුණේ නැහැ. සමහරක් ආපු වැඩ භාරගත්තෙත් නැහැ. හොඳ පිටපතක් ආවොත් භාරගත්ත වැඩතමා කලේ.නමුත් දැන්නම් මගෙ දරු පැටියට සහ පවුල් ජීවිතයට තමයි මූලිකත්වය දෙන්නේ.මොකද මෙතනින් ජීවිතේ මගහැරුනොත් ආයෙ කවදාවත් හදාගන්න බැහැ. ජනප්‍රියත්වය , සම්මාන මොනවා ලැබුණත් වැඩක් නැහැ මට මගෙ දරු පැටියා සහ මගේ පවුල් ජීවිතය රුකගන්න බැරිවුණොත් මට වගකීම් ඉටු කරන්න බැරිවුණොත් මම fail .මම fail වෙන්න කැමති නැහැ. මගෙ යුතුකම් ටික වගකීම් ටික ඉටුවුණා කියන සතුට මැරෙණ මොහොතෙත් තියාගන්න ඔින. ඒ නිසා භාහිර දේවල් වලට මූලිකත්වයක් දෙන්නේ නැති වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!