Gossip

තනි අලියා මෙල්ල කරන්න ගිය සංජීවට ජීවිතය අහිමිවුණු හැටි – Video & Photos

වන අලියකු සිදු කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ එප්පාවල මාවතවැව ප්‍රදේශයේදී පුද්ගලයකු ඊයේ (16) උදෑසන හේන යායකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල මාවත වැව ප්‍රදේශයේ පදිංචි රේණුක සංජීව හේරත් නම් දෙදරු පියෙකි.
වන අලි පහරින් තුවාල ලැබූ මෙම පුද්ගලයා එප්පාවල, මාවතවැව ප්‍රදේශයේ තමන්ට අයත් හේනේ ඉදිකර ඇති පැලහි සිටියදි ඊයේ අළුයම 6 .00 ට පමණ හේනට කඩා වැදුණු තනි අලියෙකු හේනේ වගාවන් කා දමන අයුරු දැක අලියා පළවා හැරීමට පැලෙන් බැස පැමිණෙන අවස්ථාවේ වන අලියාගේ පහර කෑමට ලක්ව තිබුණා.
සංජීව පසුපස පන්නා ඇති වන අලියා පැලට මිටර් සියයක් පමණ දුරකදී අදාල පහරදීම සිදුකර ඇති අතර හිසට බරපතල හානි සිදුවීම හේතුවෙන් සංජීව එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබූ බවයි වාර්තා වුණේ..
ඒ අවට හේන් වල සිටි පැල් රකින්නන්ද තනි අලියා මරණකරුගේ හේනේ සිටි අයුරු දැක ඇති පුද්ගලයෙක් සිද්ධිය විස්තර කර තිබුණේ මෙලෙසින්.
“අපි මේ හේන් වල එළවලු වගා කරලා තියෙන්නේ, පාන්දර එළිය වැටී ගෙන එද්දී අලියා මේ අයියාගේ හේනේ මෑ කරල් කෑල්ලට ඇවිත් හිටියා.
අපි කිව්වා අලියා ඇවිත් කියලා.ඒ අයියා අලියා එළවන්න එද්දී අලියා පන්නාගෙන එනවා අපි දැක්කා.
නිතරම අපේ හේන් වලට අලි එනවා, මේ තනි අලියාගෙන් තමයි නිතරම කරදර”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!