Gossip

ඇත්තටම මම දැන් පෙම්වතියක් – දිනක්ෂි තම ආදරවන්තයා ගැන මුල්වරට හෙළි කරයි – Photos

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික හදවත්වල ආදරය දිනාගත්තු තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක්.

දිනක්ෂි ගැන පසුගිය දවස්වල විවිධ පුවත් හුවමාරුවුණා.

ඒ අතරින් ලොකු කතාබහක් ඇතිකළ සිද්ධියක් වුණේ සාරංග දිසාසේකර සමඟ ඇති සම්බන්ධයක් ගැන පුවත්.

කොහොම වුණත් තමන්ගේ ආදරේ ගැන මුල්වරට දිනක්ෂි මේ විදියහට අදහස් දක්වලා තිබුණා.

දිනක්ෂිට මතකද ඉස්සෙල්ලම ආදරයක් හමුවුණු දවස..?
හම්… මට හරියටම දිනයනම් මතක නෑ.. ඒත් වයස 16 දි විතර තමයි මට ඉස්සෙල්ලම ආදරය කියන හැඟීම දැනුනේ. එදා ඒක ආදරයක් විදිහට හිතුවත් අද මම සැබෑ ආදරයක් විඳින නිසා එදා ඇතිවුණේ ආදරයක් නෙවෙයි ආකර්ෂණයක් කියලයි මට දැන් දැනෙන්නේ..
පාසලේදී ඇතිවුණු ඒ ආදරෙන් පස්සේ මට ලංවුණු ආදරයක් තිබුණා. ඒ ආදරෙත් අතරමඟ නතර වුණා.

දැන් දිනක්ෂි ආදරය විඳින ආදරවන්තියක් නේද..?
හම්.. ඔව්… මම ආදරය විඳින පෙම්වතියක්..

කොහොමද මේ ආදරය ඇරඹෙන්නේ..?
හුඟක් කල් ඉඳන් අපි ඇසුරු කරපු නිසා අපි අතර ඇතිවුණු තේරුම්ගැනීමත් එක්ක ආදරයක් ඇතිවුණා.
ඒ හිතවත්කම දුරදිග යද්දි අපි දෙන්නම අපිට ආදරය කරන්න පටන් අරන්.

දිනක්ෂිට ඔහුව හමුවෙන්නේ කොහොමද..?
ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්.

මේ ආදර සම්බන්ධයට ගෙදරින් එකපාරම කැමැත්ත දුන්නද..?
අම්මයි තාත්තයි මට නිදහස දීලා තියෙන්නේ මගේ ජීවිතේට ගැලපෙන කෙනා තෝර ගන්න. ඉතිං මට විශ්වාස මාව තේරුම්ගත්ත කෙනා එයා කියලා මම හිතනවා. ඒ නිසා ඒ ආදරේට ගෙදරින් අකමැති වුණේ නැහැ..

ඒ කියන්නේ ළඟදිම මංගල සීනු නාදකරයිද..?
තාම නැහැ.. දැන්ම විවාහ වෙලා බැහැ.. අම්මලා තාත්තලගේ ආශිර්වාදයත් අරගෙන විවාහ වෙනවා. ළඟදිනම් ඒ දවස උදාවෙන්නේ නෑ.. තවම ආදරය විඳිනවා අපි..

කලාවට සම්බන්ධ නැති කෙනෙක් නිසා ඉස්සරහට දිනක්ෂිට සීමා බාධක පනවයිද..?
නැහැ… එයා මට නීති දාන්නේ නැහැ. මොකද මම කරන දේවල් ගැන දැනුමක් තියෙනවා කිියලා එයා දන්නවා..

ආදරේ කරන්න පටන් අරන් ඉස්සෙල්ලම ලැබුණු තිළිණය මොකක්ද..?
එයා මට ගොඩක් තෑගි දෙනවා.. මමත් එහෙමයි..
ඒවා හිතේ තියාගෙන ලොකු තෑග්ගක් ලැබුණේ නෑ කියලා මම දුක් වෙන කෙනෙක් නෙවෙයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!