Gossip

ඇයි දෙයියනේ එයා මාව තනිකරලා ගියේ.. මම මේ දුක කොහොම ඉවසා ගන්නද..? – Photos

ආදරය කියන්න සුන්දර හැඟීම අවසන් වෙන්නේ විවාහය කියන සොඳුරු සිහිනයෙන්.
ඒ විදිහට සුන්දර ජීවිතයක් හදාගත්තු දෙන්නෙකුගේ ලෝකය නොසිතුව විදිහට එක්වරම කඩාගෙන වැටුණොත් එ්ක ලොකු දුකක් වෙනවා.
ඒ විදිහට හැම සිහිනයක්ම බොදවෙලා ගිය අවාසනාවන්ත සිද්ධියක් ගැන මාවනැල්ල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
පසුගිය මැයි මස 18 වැනිදා හැමෝගෙම ආශිර්වාදය මැද රංගත් මහේෂාත් යුග දිවියට පා තබන්නේ ජීවිතේ හැම සිහිනයක්ම සැබෑ කරගැනීමේ බලාපොරොත්තුවෙන්.
ඒ හැම බලාපොරොත්තුවක්ම රදා පැවතුනේ මාසයක් වගේ පුංචි කාලයක්.
ඒකට හේතුව තමයි ඩෙංගු මාරයට අකාලයේ රංග බිළිවීම.
මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කළ රංග මාවනැල්ල උඩුමහනේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.
සතුටින් ජීවිත ගමන ඇරඹුව රංගට උණ රෝගයක් වැළදෙනවා.
වැඩිපුර ඒක ගණන් නොගත්ත රංග පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර අරගෙන නැවතත් රැකියාවට පිටත් වෙලා.
පසුව එක්වරම රංගට උණ වැඩිවෙලා වමනය දැමීම නිසා මාවනැල්ල රෝහලට ඇතුලත් කරලා.
දවස් දෙකක් වගේ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉද්දි පසුගිය 4 වැනිදා අවසන් ගමන් යන්නේ තම බිරිඳගේත් ආදරණීය අම්මා සහ බිරිඳගේත් ජීවිතයම කඳුලු ගොඩක් කරමින්.

පණ වගේ ආදරේ කරපු රංගගේ මියයෑම ගැන මහේෂා පැවසුවේ මෙලෙසින්.
පසුගිය මැයි මාසේ 18 වැනිදා මමයි රංගයි විවාහ වුණා. අවුරුදු 4කටත් වැඩි කාලයක් අපි දෙන්නා ආදරේ කළා..
ගෙවල්වල කැමැත්තෙන් අපි කසාඳ බැන්දා. රංග වැඩට ගියාම මමත් නංගිත් අම්මත් ගෙදර ඉන්නවා.
එයා මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බැලුවා. බිරිඳකට වෙන්න ඕනේ හැම යුතුකමක්ම එයා ඉටු කළා.
අපි ජීවිතේ ගෙනිච්චේ ගොඩක් සතුටින්. තිස්වැනිදා උදේ උණ ගැනෙන්න වගේ කියලා කිව්වා.
පළමුවැනිදා උදේ වැඩට ගියා.
ගිහින් එකොළහට විතර ගෙදර ආවා.
ඒ ඇවිල්ලා ප්‍රයිවට් තැනකින් බෙහෙත් ගත්තා.
එයාට රෑටිකක් වමනේ ගියා. අම්මයි මායි එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින් නැවැත්වුවා.
ඊට පස්සේ දවසේ අපි එයාව ඉස්පිරිතාලෙට ගිහින් බැලුවා. ඒත් 4 වැනිදා යද්දි එයා අපි හැමෝවම දාලා ගිහින්.
මට ඒක දරාගන්න බැරිවුණා.. ඇයි දෙයියනේ එයා මාව තනිකරලා ගියේ.. මම මේ දුක කොහොම ඉවසා ගන්නද..?

රංගගේ මව
අපිට හිටපු එකම පිරිමි දරුවා මේ විදිහට අපිට නැතිවෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.
ඇයි දෙයියනේ මගේ අහිංසකයා මේ විදිහට අපිව දාලා ගියේ.
එයාගේ හැම කැමැත්තටම අපි ඉඩ දුන්නා.. අපේ ආදරණීය පුතා කසාඳ බැන්දෙත් එයා යාළුවෙලා හිටපු දුව. හැමදේම පුතා මටයි මහත්තයටයි කියනවා.
කිසිම දෙයක් අපිට හංගලා නෑ. පුතා නැති දුකෙන් මහේෂා දුව අඬනවා කොහොම බලාගෙන ඉන්නද..? අපි කාටවත් මේ දුක දරාගන්න බැහැ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!