Gossip

ලංකාවේ අංක එකවුණු “දෙවැනි ඉනිමට” චෝදනා එල්ල කළ අයට එහි පිටපත ලියන සමන් එදිරිමුණිගෙන් කනේ පහරක්

ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍ය දෙවැනි ඉනිම බව සියලුම දෙනා දන්නා කරුණක්.
කාගෙත් වැඩි අවධානයක් දිනාගත්තු ඒ වගේම ආදරය දිනාගත්තු දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ගැන අන්තර්ජාලය පුරාත් බොහෝ දෙනෙක් කතාවෙනවා.
මේ හැමදේම අතරේ ඒ ගැන චෝදනා එල්ල කරන පිරිසකුත් සිටිනවා.
මෙම කතාවේ රූප රචනයන්ට යොදාගෙන ඇති තරුණ තරුණියන්ගේ හැසිරීම පිළිබඳව ඒ පිරිස් චෝදනා එල්ල කර ඇති අතර ඒ පිළිබඳව දෙවැනි ඉනිම නාට්‍යය රචනා කළ ලේඛක සමන් එදිරිමුණි සිය මුහුණුපොතේ සටහනක් එක්කර තිබුණා.
එයින් සමන් එදිරිමුනි පවසා තිබුණේ තමන් කතාවක් ලියන්නේ මිනිසුන් සතුට කරන්නට බවත් ඒ නිසාවෙන් මිනිසුන් කතන්දර කීම වාචාල කමක් බවත් කතන්දර ලිවීම හැකියාවක් බවත්ය.

සමන් එදිරිමුනි මුහුණුපොතේ දැමූ සටහන පහතින්…

මිනිසුනි කතන්දර කීම වාචාල කමකි. කතන්දර ලිවීම හැකියාවකි.

මම නිර්මාණ කරුවෙක්. මා දායක වන නිර්මාණ සමාජයේ දැඩි කතා බහකට ලක් වන සෑම විටකම විචාර අදහස් යැයි කියාගනිමින් මඩ ගහන පිරිසක් ඉන්නවා. ඔවුන්ට නින්දෙන් ඇහැරිලා වගේ විචාර ලියන්න මතක් වෙන්නෙ අපේ වැඩක් පත්තු වුණාම තමයි. ටෙලි නාට්‍ය ඉහල තලයට උස්සන්න එයාලාට ඕන වෙන්නෙ අපි ඒක ඉස්සුවාම තමයි. මගේ හැම නිර්මාණයකටම දායක වන බොහෝමයක් අය ඉන්නවා. ඔවුන්ව මේ වෙලාවේ අතිශය ගෞරවයකින් සිහිපත් කරන අතර මම මෙතනදි කතා කරන්නෙ නිර්මාණයේ මගේ දායකත්ව කොටස ගැන.
මට ලියන්න අවස්තාවක් දෙන්න කියලා මගේ ජීවිතේ මම එකම එක මිනිහෙක් ගාවට විතරයි ගිහින් තියෙන්නෙ. ඒ තරුණයා සහ අද පත්තර වල කර්තෘ කංචන දසනායක මහත්තයා ( කාංචන අයියා ) මම තරුණයා පත්තරේට එන්නෙ එහෙම. ඒකෙදි ලියපු හැමදේම මිනිස්සු ආදරෙන් වැළඳ ගත්තා. ඉන් පසු ලැබුණු සෑම අවස්ථාවක්ම මට අඩ ගහලා දීපු දේවල්. ඉල්ලගෙන ගිය දේවල් නෙමෙයි.
මම හිරු එෆ් එම් එකේ අනුත්තරා කියලා රේඩියෝ නාට්‍යක් ලිිව්වා. ඒක සමීක්ෂණ වාර්ථා අනුව එවකටදී අංක 1 වුණා. පස්සෙ හිරු එකෙන් අයින් වෙලා සිරස එෆ් එම් එකට ගියා. එතනදි ආදරේ හිත පිරෙන තරම් කියලා රෙඩියෝ නාට්‍යක් ලිව්වා. එවකටදී සමීක්ෂණ වාර්තා අනුව එය අංක 1 වුණා. පස්සෙ මම එෆ් එම් දෙරණට ආවා. සේයා කියලා රේඩියෝ නාට්‍යාක් ලිව්වා. මේ දවස් වල සමීක්ෂණ වාර්තා වලට අනුව ඒක අංක 1 වුණා. ඊට පස්සෙ මට ටීවී දෙරණෙන් සිඳු ටෙලි නාට්‍ය ලියන්න භාර දුන්නා. ඒක එවකටදි සමීක්ෂණ වාර්ථා අනුව අංක 1 වුණා. පස්සෙ දෙවෙනි ඉනිම ලියන්න ගත්තා. ඒකත් සමීක්ෂණ වාර්තා අනුව අංක 1 වුණා.
මට කියන්න මං වැරදිද. මේ අංක එක මම ඉල්ල ගත්තු දෙයක් නෙමෙයි. මේවා මම තනියම අත්පත් කරගත් දේවලුත් නෙමෙයි. හැබැයි මම අත තියන අත තියන හැම වැඩක්ම මොකද්දෝ හේතුවකට අංක 1 වුණා. හැබැයි මම විශ්වාස කරපු දෙයක් තිබුණා. ඒ තමයි ඉරිසියාව නොකිරීම, දන් දීම . මිනිසුන්ට උදව් කිරීම සහ හැකි සෑම විටකම මිනිසුන් සතුටින් තැබීම නිසා මම හැමදාම ජීවත් වුනේ සතුටින්. ඒ සතුට නිසාම මට මගේ ජීවිතේ හිමි වුනේ හිමි කරගන්න තරඟ කරපු දේවල් නෙමෙයි. අංක 1 ඉල්ලුවේ නෑ. මට ඒක ලැබුණා. මිනිසුන්ගේ ආදරේ ඉල්ලුවේ නෑ. මට ඒක ලැබුණා. හැබැයි මේ සියල්ලම එක මොහෙතෙන් අත් හරින්න පුළුවන් විදිහට හිත ශක්තිමත් බව මම දන්නවා. මම සිදු ලියන එක අත් හරින්නෙ එය අංක 1 වෙලා තියෙද්දිමයි. මිනිස්සු එහෙම අත් හරිනවා හරි අඩුයි මහත්තයෝ. විශේෂයෙන් කලාව තුල.
කොච්චර කට්ටියක් ලියන්න ආසාවෙන් ඉන්නවද. කොච්චර කට්ටියක් ලියනවද. කොච්චර කට්ටියක් තමන් ලියපු දෙයක් මිනිස්සු කියවලා හොදයි කියලා කියලා බලන් ඉන්නවද. හැබැයි බලන් හිටියට ලැබෙන්නෙ නෑ. මේ දවස් වල සමහර ලියන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් සහ අයියලා කිහිප දෙනෙක් මට තදේට පහර පිට පහර දෙනවා. දෙයියන්ගේ නාමෙට මම ඔබට දෙයක් කියන්නම්.
මේ වෙද්දි මට ටෙලි නාට්‍ය ලියන්න කතා නොකල නාලිකාවක් නෑ. කතා නොකල ටෙලි නිෂ්පාදකයෙක් නෑ. ලියන්නන්ගේ දරුණු හිගයක් ක්ෂේත්‍රෙය් තියෙනවා. මම පොරොන්දු වෙනවා ඔය මම ලියන නිර්මාණ විවේඡනය කරන සහෝදර සහෝදරියන්ට. එන්න ඔබට මම ටෙලි නාට්‍යක් ලියන්න අවස්ථාවක් ලබා දෙන්නම්. මේක අනිවාර්‍ය අවස්ථාවක්. ඔබ හොද දෙයක් ලිව්වොත් අනිවාර්‍ය වශයෙන්ම ඒ නාලිකා ඒවා භාර ගනියි. මිනිස්සු වැළදගන්න නිර්මාණයක් කලොත් ඒවා ටෙලියක් වෙයි. තැන තැන කියවලා වැඩක් නෑ සහෝදර වරුනි. කටක් තියෙන හැම මිනිහටම කියවන්න පුළුවන්. හැබැයි අතක් තියෙන හැම මිනිහටම ලියන්න බෑ. ඒකට හොද හිතක් තියෙන්න ඕන. බොක්ක හොද නැති උන් ලිව්වම ඒව බල්ලෙක් වත් බලන්නෙ නෑ. බොක්ක හොද වෙන්න ඕන. කරන දේට අවංක වෙන්න ඕන. විවේචනය කරන්න ඕන තරං දේවල් තියෙනවා. මගේ නාට්‍ය හැරුණාම ලංකාවේ තවත් නාට්‍ය තිස් හතලින් ගානක් යනවා. ඇයි මේ දෙවෙනි ඉනිමම ඉලක්ක කරන්නෙ. දැනෙන්නෙ නැද්ද අවුලක්. මිනිස්සු ඒ ගැන මොනව හිතයිද කියලා හිතෙන්නෙ නැද්ද මිනිස්සු ආදරේ කරන නිර්මාණයකට අභූත විදිහට දෝශාරෝපනය කරන්න. තියෙන දොසක් නම් කමක් නෑ. මම දන්නවා දෙවෙනි ඉනිමේ මම ලියන මනුස්සකමේ මහත. ලියපු මටත් කදුලු එනවා ඒ හැගීම් දකිද්දි. මේවා බොරු නෙමෙයි. ඒකනායක සර් ස්කෝලෙන් යන දවසේ දර්ශණය බලලා මගේ තුන වසරේ පුතා බත් කණ එක පැත්තක තියලා ඇඩුව හොදටම. මම ඌව බදාගෙන කිව්වා පුතේ අපි ඒකනායක සර්ව ආයි එක්ක එමු කියලා. පොඩි උන්ව දාලා බොරු කියන්නෙ නෑ තාත්තා කෙනෙක්. මේක ඇත්ත. මම දන්නවා මේ තත්වය ලංකාව පුරාම තියෙනවා කියලා.
ඉතින් මහත්තුරුණේ මට ගොඩක් වැඩ තියෙනවා. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. අරම කරන්න, මෙහෙම කරන්න, තාත්තවික මදි, සභ්‍ය මදි, රහ මදී , අවුල් වගේ කිය කිය නාහෙන් අඩන්න එපා. අවස්තාවක් දෙන්නම්. වැඩක් කරලා පෙන්නන්න. ගේමට නෙමෙයි. අම්මපා සතුටුයි අපිත් එක්ක එකට වැඩ කරන්න එකෙක් දෙන්නෙක් එනවට. තැන තැන කයිය ගහන අයියලාට අක්කලාට දන්න කෙනෙක් මේක යොමු කරන්න. මං එන්න කිව්වයි කියන්න. මොකද ඉරිසියාවට බෑ රුසියාවේ මල් පිපෙන එක නවත්වන්න. ඔට්ටු දාලා ලියනවා තව එකක් අංක 1 වෙන්න. එන්නෙයි කියන්න පුළුවන් කෙනෙක් අභියෝගය භාර ගන්න. සද්දෙ වහලා හිටියාම එනවා කරේ යන්න. එච්චරට ෂුවර් මට. මොකද එන එකා එන්නෙ මට ගහන්න. මම ලියන්න වාඩි වෙන්නෙ මිනිස්සුන්ව සතුටු කරන්න. ඒකයි මේ ලිවිල්ලෙ රහස.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!