Gossip

නොමිනිසුන් මැද කපුටෙක් වෙනුවෙන් මතුවූ උතුම් මිනිසත්කම

නොමිනිසුන් පිරි සමාජයේ ගුණයහපත් මිනිසුන් තවදුරටත් ජීවත්වන බවට සාක්ෂි තවමත් අපිට විටින්විට අසන්නට ලැබෙනවා.

අපි මේ කියන්න යන්නෙත් එවැනිම සිද්ධියක් ගැනයි.

බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ අඩි 65 පමණ උස ටර්පන්ටයින් ගසක මුදුණේ සිරවී තිබූ සරුංගලයක නූලක පැටලී සිටි කපුටෙකු බේරා ගැනීමට බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිළධාරින් සමත් වුනා.

ඒ පැය තුනක ඉතා අසිරු මෙහෙයුමකින් පසුවයි.

අදාල කපුටා මෙම නූලේ පැටලී ඉතා වේදනාවෙන් සිටින ආකාරය ගිනි නිවන නිළධාරින් දැක තිබෙනවා.

පසුව දැඩි පරිශ්‍රමයක් දරා ගිනි නිවීමේ නිළධාරින් මෙම කපුටා බේරාගනු ලැබුවා.

කපුටා පියාඹා යාමට උත්සහ කලද පියාපත්වලට දැඩිලෙස තුවාල සිදුව තිබූ බවයි ගිනි නිවීම් නිළධාරින් ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව පශු වෛද්‍යවරුන් කපුටාට ප්‍රතිකාරද කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!