Gossip

මටයි, කුලේටයි තමයි හොඳටම ෆිට්නස් තියෙන්නේ, මීට වඩා තවත් මොනවද අපිට කරන්න කියන්නේ.?

මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන සිද්ධියක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව.
ඒකට හේතුව තමයි පසුගියදා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව හා උදරය ගැන සිදුකළ විවේචනාත්මක ප්‍රකාශය.
ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීම සඳහා පරීක්ෂණයක් ඊයේ පවත්වා තිබුණා.
ක්‍රීඩකයින් 28 දෙනෙකු සහභාගීවී තිබූ අතර මාලිංග ඒ ගැන දක්වා තිබුණේ මෙවැනි අදහසක්.

 

‘‘අපේ ෆිට්නස් ටෙස්ට් එක තිබ්බා, ඉදිරියේදී තියෙන ටුවර් එකට ටීම් එකේ හොඳම 11 දෙනා තොරගන්න එක ගැන තමයි හැමෝම හිතන්නේ. 28 දෙනෙක් සහභාගී වුණු ෆිට්නස් ටෙස්ට් එකෙන් දුවද්දි හොඳටම ෆිට්නස් තියෙන්නේ කුලේට.
කුලේ තමයි අංක 1ට තේරුණේ. දෙවනි තැන තියෙන්නේ මට. අපේ ෆිට්නස් ගැන සමහර අයට ලොකු ප්‍රශ්නයක් තිබුණා.

මට අහන්න තියෙනවා අයගෙන් ප්‍රශ්නයක්. එදා ඉඳන් සෙල්ලම් කරපු කුලේටයි මටයි තමයි හොඳටම ෆිට්නස් තියෙන්නේ. තවත් මොනවද මීට වඩා අපිට කරන්න තියෙන්නේ.. ? යනුවෙන් මාලිංග පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!