රාජමාලිගේ පරවියා වගේ ගීතයෙන් කරළියට ආපු රෙඩ්ව දැන් හැමෝම දන්නවා.
දොළොස්මහේ පහන වගේ ආදී ගීතවලින් ඔහු රසික හදවත් දිනාගත්තු චරිතයක්.
ඉතිං රෙඩ්ගේ අලුත්ම විස්තර ගැන හොයලා බලන්න වෙබ් ගොසිප් අපි රෙඩ්ට කතා කළා.
රෙඩ්ගේ අලුත්ම විස්තර ගැන කිව්වොත්..?
අලුත්ම විස්තර මේ දවස්වල සිංදුවක් රිලීස් කරන්න ඉන්නවා.. මගේ හුරතල් අක්කේ කියලා. ඉතිං ඒ වැඩ තමයි.
පසුගිය දවස්වල සද්දයක් නැතිව හිටියේ ඇයි..?
සද්දයක් නැතිව කියන්නේ රටේ ව්‍යසනයන් සිද්ධවුණා. ඉතිං අපිත් පුළුවන් පුුළුවන් විදිහට ඒවට උදව් වුණා. ගංවතුර නිසා මියුසිකල් ෂෝ අඩුවුණා. ඒ නිසා අපිවත් දකින්න අඩුවුණා ඉතිං.
දැන් එළියට එන මියුසික් වීඩියෝවලට නිරුවත පාවිච්චි කරනවා වැඩියි නේද..? රෙඩ් මොකද් ඒ ගැන හිතන්නේ..?
මටනම් අදාලම නෑ.. කාලෙන් කාලෙට එක එක දේවල් එනවනේ.. හැබැයි මම එහෙම කරන්නේ නෑ.
රෙඩ්ට ආදරේ ගැන දැනෙන්නේ කොහොමද..?
ආදරේ කියන්නේ සුන්දර දෙයක්.
අද රංගන ක්ෂේත්‍ර යේ ඉන්න හුඟක් අයගේ පවුල් ජීවිත අවුල් වෙලා ගිහින් ඒකට හේතුව මොකක්ද..?
මම හිතන්නේ ඒකට මූලිකම හේතුව තමයි තේරුම්ගැනීමේ ශක්තිය නැතිකම.
උමාරියා සිංහවංශ, සමිතා මුදුන්කොටුව හෝ ශෂිකා නිසංසලා ඔබට ආදර යෝජනාවක් ගෙනාවොත් ඔබ කාටද ආදරේ කරන්නේ..?
මම ඒ කාටවත් කැමති වෙන්නේ නෑ.. මොකද මට ආදරණීය බිරිඳක් ලැබිලා ඉන්නවා. ඉතිං මම සතුටින් ඉන්නේ. මට වෙන ආදරයක් ඕනේ නෑ.
එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයිද..?
අනිවාර්යෙන්ම එකට ඉන්න බැරිනම් අයින් වෙන්න ඕනේ..
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්..?
විදේශ ගතවෙලා හිටියා. ඉතිං දැන් ආයෙමත් මේ සංගීතයෙන් ඉදිරියට යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.