Gossip

ලංකාවේ ලොකුම දඩය යතුරුපැදියකට – දඩය ලක්ෂය ඉක්මවයි

මහජනතාවට පීඩා වන අයුරින් යතුරුපැදියක් පැදවූ අයෙකුට බලපිටිය අධිකරණය විසින් ඊයේ දිනයේ (24) රුපියල් එක්ලක්ෂ දහනවදහසක (119,000) දඩ මුදලක් නියම කර තිබෙනවා.

මෙරට අධිකරණයක් විසින් මෙවන් විශාල දඩ මුදලක් පැනවූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙන බවටයි වාර්තා වන්නේ

බටපොල පොලීසිය විසින් අදාළ යතුරු පැදිය අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදියේ චැසි අංකය වෙනස් කිරීම, සයිලන්සර් බැරලය වෙනස් කොට අධික ශබ්දයකින් ධාවනය කිරීම, ව්‍යාජ අංක තහඩු යෙදීම වැනි කාරණා මතයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ප්‍රදේශයේ ජනතාවට හා පාසල් ළමුන්ට පීඩා වන අයුරින් මෙම යතුරුපැදිය ධාවනය කළ බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!