Gossip

පොලීස් විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ රවී ජයවර්ධන මහතා මියයයි

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොල්ලුපිටිය, කැපිටල් රෙසිඩන්සීස්  නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ  නිවසේදී මෙලෙස අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වෙයි.

මිය යන විට 80 වන වියේ පසු වූ හෙතෙම ජීවිතයේ අවසාන භාගයේ සුළු අසනීප තත්ත්වයකින් පසුවූ බව පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!