Gossip

නිදාගෙන සිටි රාවණාට නැවතත් පණ ලැබෙයි – විමසිල්ලෙන් සිටින්නැයි නිවේදනයක් – විස්තරේ මෙන්න

රාවණා ගැන පසුගිය කාලේ ලොකු කතාබහක් ඇතිවුණා.
ඒ රාම රාවණා යුද්ධයේදි සිහිමුර්ජා වෙලා දීර්ඝ නින්දකට වැටුණු රාවණා නැවතත් නැගිටිනවා කියන කතාව නිසා.
රාවණා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ පුරාවෘතයක්. හැබැයි රාවණා කියලා රජෙක් ලෝකයම පාලනය කරමින් ලංකාවේ හිටියා කියලා සාක්ෂිත් හමුවෙලා තියෙනවා.
කොහොම වුණත් රාවණා නැවතත් ඇහැරිලා කියලා කතාවක් ගැන අපිට අහන්න ලැබුුණා.
හැබැයි මේ විදිහට ඇහැරිලා තියෙන්නේ රාවණා රජුනම් නෙවෙයි.
රාවණා දියඇල්ලට තමයි ඒ විදිහට ආයෙමත් පණ ලැබිලා තියෙන්නේ.
මේ දිනවල ඇදහැලෙන වැස්ස නිසා රාවණා ඇල්ලට ආයෙමත් පණ ඇවිත්.
ඇල්ල වැල්ලවාය පාරේ තිබෙන රාවණා ඇල්ලේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරලා තියෙනවා.
විශාල ජනතාවක් මේ අසලට පැමිණ ඡායාරූප ගැනීමට පැමිණෙන අතර එක්වරම ජලය වැඩිවීමේ අවදානමක්ද ඇති හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!