Gossip

මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා වුණාට මැරයෙක්වත් චණ්ඩියෙක් නෙවෙයි – සංගා සහ මහේල කිව්ව ආන්දෝලනාත්මක කතාව මෙන්න

පුරුෂයන්ට වගේම කාන්තාවන්ටත් තමන් කැමති ආකාරයේ ඇඳුම්වලින් සැරසීමට නිදහසක් ඇති බව හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පවසනවා.

මොවුන් මේ බව පවසා ඇත්තේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි.

කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම කෙරෙහි නිදහසට හේතුවක් නොවන බව මොවුන් දෙදෙනා පවසා තිබෙනවා.

කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම නිසා ඔවුන් හිංසනයට ලක්වීමට හේතුවක් නේදැයි එහිදී පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

ඊට පිළිතුරු දී ඇති සංගක්කාර පවසා ඇත්තේ “පිරිමියෙක් වුණම පුළුවන් වෙන්න ඕනේ කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න” යනුවෙනුයි.

”හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි”

එහි දී අදහස් දැක් වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද ඉහත ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ යම් කෙනෙකු අඳින ඇඳුමෙන් හෝ බාහිර ස්වරූපයෙන් ඔවුන් පිළිබඳ විනිශ්චය කිරීම යෝග්‍ය ක්‍රියාවක් නොවන බවයි.

”ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චණ්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්.”

ලොව ඕනෑම තැනැත්තෙකුට තමන් අඳින පළඳින ආකාරය ගැන තීරණය කිරීමේ නිදහස තිබිය යුතු බව මහේල ජයවර්ධන වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!