Gossip

අයියයි අක්කයි දෙන්නා විවාහවුණාට පස්සේ තමයි මගේ විවාහය ගැන හිතන්නේ වෙන්නේ – සජිත ඇන්තනී

සජිත ඇන්තනී කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැනේ. ජැක්සන් ඇන්තනීගේ බාලපුතා වන සජිත ට මේ වසරේ නැගී එන නළුවා සම්මානය දිනාගන්නත් පුළුවන් වුණා. නළුවෙක් විතරක් නෙවෙයි සජිත දැන් ගායකයෙක්. ඉතිං මේ හැමදේ ගැනම සජිත පුවත්පතක් සමග කියා ඇත්තේ මෙලෙසින්.

ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා?
අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල් වූයේ අප්පච්චි . ඒ වගේම මම ක්ෂේත්‍රයට ආවෙත් අප්පච්චිගේ මග පෙන්වීම යටතේ. මේ ගමන එන්නට අප්පච්චිගෙන් ලැබුණ ගුරු හරුකම් ගොඩක් තියෙනවා..

මව්පියන් කලාකරුවන් වූ විට දරුවකුට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න පුළුවන් කියන එක නේද ඉන් කියැවෙන්නේ..?
මව්පියන් ක්ෂේත්‍රය තුළ ඉඳීම කලාවට එන්නට පහසුවක් වනවා. ඒත් ඒ තුළ රැඳෙන්නට නම් අවශ්‍ය වන්නේ තමන්ගේම කුසලතාවය හා කැපවීම .

ඔබට මෙවර හිමිවුණේ වසරේ නැගී එන නළුවාට හිමි සම්මානය . ඒ ගැන මොනවද හිතෙන්නේ …. ?
ඇත්තටම මට මේ සම්මානය හිමිවීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා.

මොනවද ඒ හේතු .. ?
මම “අබා” චිත්‍රපටයේ රඟපෑවේ ළමා නළුවෙක් විදියට . මම සිනමාවට වගේම වේදිකාවටත් සම්බන්ධවෙලා තියෙනවා. ඒත් මම රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යය තමයි “බොහිමියානුවා” . මම එහි රඟපෑවේ “කල්ප” කියන චරිතය. පළමු ටෙලි නාට්‍යය රංගනයට හොඳම නැගී එන ටෙලි නාට්‍යය නළුවාට හිමි සම්මානය ලැබිම සතුටක්. “හොඳම නැගී එන නළුවා” විදියට සම්මානය ලැබිම කවදා හෝ “හොඳම නළුවා” සම්මානය ලබාගන්නවා කියන බලා‍පොරොත්තුව හිතේ ඇති කරන්නට හේතුවක් කියලයි මම නම් හිතන්නේ .

සජිත මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරල තියෙන්නේ වේදිකාවට?
මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ විභාගයට සූදානම් වෙනවා. තව මාස 4 යි ඒකට තියෙන්නේ . ඒ හින්දා මේ දවස්වල චිත්‍රපට සහ ටෙලි නාට්‍යය එකක්වත් භාරගත්තේ නැහැ. ඒත් වේදිකා නාට්‍යය 4 කට සම්බන්ධ වෙලා ඉන්නවා. මම හදාරන්නේ “නාට්‍යය හා රංග කලාව“ හින්දා වේදිකා නාට්‍යයවලට එක්වී සිටින එක මගේ අධ්‍යාපනයටත් උපකාරයක් . ඒ නිසයි වේදිකා නාට්‍යය සඳහා එක්වී සිටින්නේ.

දැන් සජිත ගායකයෙක්..?
මගේ පළමු ගීතය “ ස්වර්ණපාලියේ..” එහි ගීතය සහ එහි රූප රචනය දැන් අන්තර්ජාලයේ සැරිසරනවා. මේ වනවිට අති විශාල පිරිසක් එය නරඹලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි ..

සජිතගේ පළමු ගීත රූප රචනාවේ රඟපාන්නේ ඔබ සහ ඔබේ පෙම්වතිය.. එය අධ්‍යක්ෂණය කළේ ඔබේ පියා ජැක්සන් ඇන්තනී.. ?
මගේ ගීතය අප්පච්චි ලවා කරවන්න ලැබිම මට ලොකු ආලෝකයක් වුණා. එය ඉතා හොඳ ගීත රූප රචනාවක් වී තියෙන්නේ අප්පච්චි එය විශිෂ්ට ලෙස නිර්මාණය කළ හින්දා .. එහි මාත් එක්ක ප්‍රධාන චරිතය රඟපාන්නේ මගේ පෙම්වතිය . හැබැයි අප්පච්චි ඇයව එම චරිතයට යොදාගත්තේ මගේ පෙම්වතිය හින්දා ‍නෙවෙයි. ඒ චරිතයට සුදුසු හින්දා

“ස්වර්ණපාලියේ..” ගීත රූප රචනාව “ඇන්තනී පවු‍ලේ “ තවත් නිළියක් ක්ෂේත්‍රයට ආගමනයක්ද ?
ඔය ප්‍රශ්නේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් .. මගේ පෙම්වතිය මේ රූප රචනාවේ රඟපෑවෙත් මගේ අවශ්‍යතාවයට. ඇය මුලින් කැමති වුණේ නැහැ. කොහොමටත් ඇය රඟපාන්න කැමති නැහැ.. ඇය හදාරන්නේ වෙනත් ක්ෂේත්‍රයක් . ඒ හින්දා මගේ පෙම්වතිය රඟපාන්න එන්නේ නම් නැහැ .

දැන් කවදාද විවාහය සිදුවන්නේ .. ?
තවම අපි දෙන්නගේ අධ්‍යාපන කටයුතු ඉවර නැහැ. ඒ සියලු කටයුතු ඉවර කරල අනාගතය ගැන යම් ස්ථාවරත්වයකට ඇවිල්ල තමයි විවාහයක් ගැන හිතන්නේ.. අනික ඉතින් මම පවු‍ලේ බාලයානේ. අයියයි අක්කයි දෙන්න විවාහ වුණාට පස්සේ තමයි මට මගේ විවාහය ගැන හිතන්න වෙන්නේ ..

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!