Gossip

“ඔහු මාව තදින් අල්ලා ගත්තා, බේරෙන්න විදියක් තිබ්බේ නෑ” කළමනාකරවරයෙකුගේ ලිංගික හිංසනයට ලක්වූ තරුණියකගේ පාපොච්චාරනය

සේවා ආයතනයක සේවය කරන සේවිකාවකට අසභ්‍ය පිංතූර යවා ලිංගික හිංසන සිදුකිරීම හේතුවෙන් එම සේවා ආයතනයේ සේවය කරන මුල්‍ය කළමනාකාරවරයෙකුට මාස තුනක අත්හිටවු සිරදඩුවම් සහිතව රටින් පිටුවහල් කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාල කළමනාකාරවරයා වයස අවුරුදු 22ක තරුණියකට මෙලෙස ලිංගික හිංසනයන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ මැයි මාසයේදී අදාල කළමනාකරු එම ආයතනයේ සේවයට එක්ව ඇති අතර එම කාලයේ සිට වරින් වර අදාල තරුණියට ලිංගික හිංසනයන් සිදුකිරීමට උත්සහ කර තිබෙනවා.

පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ whatsapp මෘදුකාංගය හරහා ඇයගේ දුරකථනය වෙත යවා ඇය තමන් වෙත පොලඹවා ගැනීමට උත්සහ ගෙන ඇති බවයි.

“පළවැනි දවසේ මගේ අතින් අල්ල ගත්තා, මම ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ, දවසක් මගේ කලවා අතගාන්න පටන් ගත්තා, මම ඔහුගෙන් මිදෙන්න උත්සහ කලා, එත් ඔහු මාව තදින් අල්ලා ගත්තා, බේරෙන්න විදියක් තිබ්බේ නෑ.” යනුවෙන් අදාල තරුණිය සිදුවීම් විස්තර කර තිබෙනවා.

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇය වෙත එවන අවස්ථා වලදී ඇය ඒවා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන්ට සිදුකරන ලිංගික හිංසනය පිළිබඳව ආයතන ප්‍රධානියා වෙත දැණුම් දී පොලීසියට පැමිණිලි ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය විසින් සැකකාර කළමණාකරුගේ ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී whatsapp මෘදුකාංගය හරහා අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ යවා ඇති බවට තොරතුරු සොයාගෙන තිබෙනවා.

විමර්ෂණයන් සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සියළු කරුණු සලකා බලා අධිකරණය විසින්අදාල සැකකරුට මාස තුනක අත්හිටවු සිරදඩුවම් සහිතව රටින් පිටුවහල් කිරීමටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

තමන් නිවැරදිකරු බව පවසමින් පසුව එරට අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!