Gossip

විවාහය කියන්නේ ප්‍රශ්න ගොඩක්, හැමෝම කරන්නේ බොරුවක් – සුරාජ් මාපා

සුරාජ් මාපා කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළදගත්තු චරිතයක්.
සුරාජ් ආදරේ ගැනත් අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ආදරයට නිර්වචනයක් දෙන්න..?
හැබෑ ආදරය කියන්නේ ඇත්තටම දුකක්. දුක ඇතුලේ තියෙන සැප හොයනවා නම් එ් තමයි සැබෑ ආදරය..

පාසල් ප්‍රේමය සුන්දරයිද..?
පාසල් ප්‍රේමය ඇත්තටම සුන්දරයි.

ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද..?
අවුරුදු 12 ක් 13 ක් වගේ ඇති. ඒ වයසේ කෙනෙක්ට කැමතියි කියලා හිතට දැනෙන්න ගත්තා.

ආදරය හැමවිටම ප්‍රකාශ කරන්න ඕනේ පිරිමි ළමයද..?
එහෙම ප්‍රකාශ කරන්න ඕනෙ නෑ කියලා මට හිතෙනවා. ඒක දැනෙන දෙයක් කියලයි හිතෙන්නේ. මොකද ආදරය කියන්නේ හැඟීමක්.

අප්‍රකාශිත ආදරයක් තිබුණද..?
ගොඩක් තිබුණා.

ආදරය කරද්දි පෙම්වතා වැඩිමල් විය යුතුද..?
එහෙම නෑ. සම්බන්ධතාවයකදි පෙම්වතිය කොහොමත් පොඩි ළමයෙක් විදිහට හැසිරෙන්නේ.

සුරාජ්ට වැඩිමල් කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවද.?
ඔව්.. හිතිලා තියෙනවා. පාසල් යන කාලේ එහෙම සම්බන්ධයක් තිබුණා..

පෙම්වතියගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද..?
මුලින්ම ඇයගෙන් ලැබුණේ චුයින්ගම් එකක්.
රෝස මලක්.. ලේන්සුවක් ලැබුණා.

ඇය ඔබට ආදරයට කියන නම මොකක්ද..?
මේ වෙලාවේ මමත් ආදරය කරන්න උත්සහ කරනවා. ඒ නිසා එහෙම නමක් නැහැ.

ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ ඇයගේ මොන ගතිගුණවලටද..?
අපි තුන් දෙනෙක්ව බලාපොරොත්තු වෙනවා.
තමන්ගේ මව හෝ සහෝදරිය නැත්නම් හොඳම මිතුරිය වගේ කෙනෙක් තමයි අපි නිතරම තමන්ගේ බිරිඳකගෙන් බලාපොරොත්තු වන්නේ.

ආදරේ විවාහයෙන් කෙලවර වෙනවද..?
වෙන්නේ නැහැ.. ඇත්තටම එහෙම වෙන අවස්ථා තියෙනවා.
ආදරය බිඳ වැටිලා ඒ දැනෙන වේදනාවත් එක්ක තමයි සැබෑ ආදරයක් ගොඩනැගෙන්නේ..

ආදරය හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද..?
ඔව්.. රාගයක් ඇති වෙන්නේ නෑ ආදරයක් නැතිව. රාගය විඳින්න සැබෑ ආදරයක් ඕනේ.. ඔය දෙකම සමබර වෙන්න ඕනේ.. නැත්නම් ප්‍රශ්න වෙනවා.

විවාහය නිසා ඇතැම් අය වෙනස් වෙන්නේ ඇයි..?
අද ගොඩක් අය බොරු කරන්නේ. විවාහය කියන්නේ මොකක්ද කියලා නොදැනයි අද කසාද බදින්නේ. ඒ මිනිස්සු අපිට බනිනවා. ඇයි තාම කසාඳ බදින්නේ නැත්තේ කියලා.

සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැනිද..?
හරිද වැරදිද නරකද හොඳද මම දන්නේ නෑ.. මිනිස්සුන්ගේ සම්බන්ධකම් ඕන කෙනෙක් එක්ක තියෙන්න පුළුවන්.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා වියයුතුද..?
ඔව්. එහෙම කරන්න පුළුවන්නම් ආදරය සුන්දරයි කියලා මම හිතන්නේ. එහෙම වුණාම කාටවත් බොරු කරන්න ඕනේ නෑ..

මේ වෙද්දි ගෑණු ළමයි කී දෙනෙක් දාලා ගිහින් තියෙනවද.?
ඒකට උත්තරයක් නොදී ඉන්නවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!