Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් රජිනිඛාන්ත්ගේ ජීවිතයේ අවසානය මෙන්න

සෙලෝලයිඩ් ලෝකය තුළ ඔහු සදාකාලික වීරයෙකි.

වරෙක දුෂ්ටයින් දහ පහළොස්‌ දෙනෙකුට එකවර පහරදී බිම හෙලන ඔහු තවත් වරෙක වියරු දිවි නාම්බෙක්‌ මෙල්ල කරන්නේ ඉතා පහසුවෙනි.ඔහු අන් කවරෙක්‌ වත් නොව දෙමළ සිනමාවේ සදාකාලික වීරයා වන රජිනිකාන්ත්ය.

එක්‌ දහස්‌ නමසිය පනහ වසරේ උපන් ඔහු රැකියාව ලෙසට කළේ බස්‌ කොන්දොස්‌තරකමය.

පසු කාලිනව දෙමළ සිනමාවට ප්‍රවිශ්ට වූ ඔහු වැඩිකල් නොගොස්‌ම දෙමළ සිනමා රසිකයින්ගේ වීරයා බවට පත්විය. කලබලකාරි වෙහෙසකාරි දිවියක්‌ ගෙවන තමිල්නාඩුවේ සිනමා රසිකයින්ට තම වෙහෙස හා පීඩක පන්තිය සමග ඇති කේන්තිය දුරු කරන ඖෂධයක්‌ බවට රජිනිකාන්ත් පත්වන්නේ නිරායාසයෙනි.

සිනමා නළුවකු වශයෙන් තම රසික ජනයාට හා විශේෂයෙන් තම ජාතියට මහත් සේ ආදරය කරන ඔහු බොහෝ අවස්‌ථාවල ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව නොරහසකි.

වරෙක ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ ජාතිමාමකත්වය මොනවට ඔප්පු කරමිනි.

මෑතකදී දැනගන්නට ලැබුණේ ඔහු තම මිත්‍රයන් හා එක්‌ව හිමාලය අසල දුනාගරි ප්‍රදේශයේ භාවනා ආශ්‍රමයක්‌ ඉදි කල බවකි. දශක දෙකක්‌ තිස්‌සේ රජිනිකාන්ත් මෙම දුනාගරි ප්‍රදේශයේ ඇති ගුහාවක භාවනාවේ යෙදී සිටීමට පැමිණෙන අතර එම ගුහාව අමරණීය සිරුරක්‌ ඇතැයි සැලකෙන මහාවතාර් බාබුජි යෝගීවරයා ජීවත් වූ ස්‌ථානය බවට විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් තම මිත්‍රයින් හා එක්‌ව රජිනිකාන්ත් මෙම ආශ්‍රමය ගොඩනගා තිබේ. මේ අනුව එහි පැමිණෙන පුද්ගලයින්ට නොමිලේම මෙහි පහසුකම් භුක්‌ති විඳිය හැකිවනු ඇත.

නළු කම හා ප්‍රසිද්ධිය තම පුද්ගලික වාසියට පමණක්‌ හරවා නොගෙන තම රසිකයා සහ රටවැසියා වෙනුවෙන් ඔහු කරන දේ නම් අගය කළ යුතුමය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!