Gossip

ෆේස්බුක් තුළින් ජාතිවාදය පැතුරුවොත් වැඩ වරදියි

ෆේස්බුක් ඇතුළුව සමාජජාල මාධ්‍යයන් ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පසුගියදා ගාල්ල ගිංතොට සිද්ධිය පිළිබඳ නොයෙකුත් අන්තවාදී පුද්ගලයින් විසින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරවමින් සිටින බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම එවැනි අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!