Gossip

නාකි විසේ ඉහට ගහලා පාලිකාවගේ සැමියා “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් අපයෝජනය කළ හැටි

දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි.

ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා.

අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ තැන්වල වාර්තාවුණේ ඉතාමත් අඩුවෙන්.

දෙහිවල පිහිටි ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් 18 දෙනෙක් එහි සේවකයෙක් වරින්වර අපයෝජනයට ලක්වෙලා තියෙන සිද්ධියක් අපට අහන්න ලැබුණා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ දෙහිවල ධාරුන් නුස්රා නම් ළමා නිවාසයකයි.

මේ අනාත නිවාසයේ පාලිකාව වශයෙන් සේවය කරන්නේත් මේ සේවකයාගේ බිරිඳ. අදාළ දරුවන් මේ ගැන පාලිකාවට පැමිණිලි කළත් පාලිකාව ඒ සම්බන්ධයෙන් තැකීමක් කර නැහැ. ඒවගේම තමයි පොලිසියට දැනුම් දුන්නොත් මේ ළමා නිවාසය වැසීමට සිදුවන බවත් මේ දරුවන්ට තර්ජනය කරලා තියෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පසුගිය ජුලි මාසයේ 22 වනදා නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ළමා ආරක්ෂණ අධිකාරියෙන් කොහුවල පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව මේ නිර්නාමික දුරකතන අංකය ඔස්සේ පොලිස් පරීක්ෂණ පවත්වා මේ ස්ථානය සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 හැවිරිදි සාරිප්පුගේ මොහාර් නැමැති පුද්ගලයෙකුයි.

කෙසේවෙතත් දිගින් දිගටම කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මේ දැරියන් 18 දෙනාගෙන් එක් ළමයෙකු බරපතල ලෙස අපයෝජනයට ලක්වෙලා තියෙනවා කියලායි.

අදාළ සේවකයා අවුරුදු 09ක් පමණ එම ළමා නිවාසයේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර පාසල්වලට මෙම දරුවන් රැගෙන ගොස් ඇත්තේ මොහුයි. එමෙන්ම ලිංගික හිංසනය වැඩිවශයෙන් වී ඇත්තේ වාහනය ඇතුලතදී බවත් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දරුවන් කිහිප දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.

01. මේ මනුස්සයා මාව හැමදාම ඉස්කෝලෙට අරන් යනවා. ඒ අතරතුර ඔහු මට අතවර කරනවා. ඒවගේම අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කරනවා.

02. මං මේ ගැන පාලිකාවට කිව්වම ඒක වැඩිය ගණන් ගන්නෙපා කියලා කිව්වා. පැමිණිලි කරපු හැම වේලාවකම මට හොඳටම බැන්නා. ඒ වගේම මේ මනුස්සයා මාව දවසක් ගබඩා කාමරයට එක්ක ගිහින් අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කළා.

මේ දරුවන් 18 දෙනාම පවසා ඇත්තේ එම දරුවන් පාසලට රැගෙන යන අතරතුරදී මෙන්ම ඇතැම් විට ළමා නිවාසයේදීද අපයෝජනයට ලක්ව ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව කියා ඇත්තේ මෙහෙම කතාවක්. “මාගේ ස්වාමි පුරුෂයා වන මොහාර් ගැහැණු දරුවන්ට හරිම ආදරෙයි. ඒවා කරලා තියෙන්නේ හිරිහැරයක් වශයෙන් නෙවෙයි”

ඒවගේම තමයි මේ ළමා නිවාසයේ හිමිකාරිය වශයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය මරීන් රිෆායි මහත්මියයි. මේ සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙවන් කතාවක්.

“වෛද්‍ය වාර්තාවන්ට අනුව කිසිදු දැරියක් අපයෝජණය වෙලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒවගේම මේ ළමා නිවාසය මගෙන් ගන්න සේවකයන් පිරිසක් විසින් කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි මං මේක දකින්නේ. මේ ගැන මාස 03ක් තිස්සේ පරීක්ෂණ සිදු කළත් කිසිදු සාක්ෂියක් මේවනතුරු ලැබිලා නැහැ. ඒවගේම තමයි මොහාර්ව ඇප මත නිදහස් වීම මගින්ව තහවුරු වනවා මෙහි කිසිම ලිංගික හිංසනයක් සිදුවෙලා නෑ කියලා. ඒවගේම තමයි මේ වෙනකොට අදාළ පාලිකාව සහ සිද්ධියට සම්බන්ධ බව කියන ඇගේ ස්වාමිපුරුෂයාද අයින් කරලා තියෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මේ ළමා නිවාසයේ සෑම තැනකම සීසීටීවී සවිකර ඇති අතර අදාළ දැරියන්ගේ කාමරවලද සීසීටීවී කැමරා සවිකර ඇති බවයි.

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!