Gossip

වරෙල්ලා එක එකා, නැත්නම් දෙක දෙක තුන තුන වරෙල්ලා, මෙතන සෙල්ලම් දාන්න ආවෙත් රංගේබණ්ඩාරත් බහිනවා – වීඩියෝ

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති සමාගමේ සේවකයන් පිරිසකට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ විරෝධතාවක් පවත්වන ස්ථානයකට පැමිණි අමාත්‍යවරයා එය නවත්වා දමන ලෙසට ඔවුන්ට තර්ජනය කරන අයුරුයි.
“කාටද ඕනේ සාධාරණේ.. වරෙල්ලා එක එකා.. නැත්නම් දෙක දෙක තුන තුන වරෙල්ලා. වරෙන් බලන්න.. වීඩියෝ කරපන්.. වැදගත් විදිහට කතා කරලා බේරගන්න ඕනෙනම් ඒ විදිහට එන්න.. බබ්බු ගහනවා වීඩියෝ කරලා.. ගහන්න නෙවෙයි කතාකරන්න ආවේ, තමුසෙලා තමයි මෙතන ගහලා තියෙන්නේ.. මේක බහුජාතික සමාගමක්.. තමුසෙලා මෙතන පිස්සු නටනකොට හරිද.. ගිනි තියාගන්නවනම් ගිනිතියාගන්නවා ගෙදර ගිහින්.. මෙතන පිස්සු නැටුවාම ආයෝජකයෝ එන්නේ නෑ.. මම දුන්නු පොරොන්දුවක් තියෙනවා.. මෙතන සෙල්ලම් දැම්මොත් රංගේ බණ්ඩාරත් බහිනවා.” යනුවෙන් රංගේ බණ්ඩාර අමාත්‍යවරයා එම පිරිසට බැණවදිනවා.
කොහොම වුණත් මෙම සිද්ධිය ගැන අහන්න අපි රංගේ බණ්ඩාර ඇමතිවරයාව සම්බන්ධ කරගන්න අවස්ථා ගණනාවකදී උත්සහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ.

අදාල වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!