Gossip

ආවේ සම්භාහන මධ්‍යස්ථානයට වැටුණේ ගණිකා මඩමට – පුෂ්පිකාගේ කතාව

11

 

පවුලේ ආර්ථීක ප්‍රශ්න නිසා වයස අවුරුදු 16 දී අම්මලා තාත්තලාට හොරෙන් තරුණයෙක්‌ එක්‌ක පැනලා ගිහින් වෙනම ජීවත් වුණා. ඒත් මාස තුනෙන් එයා දාලා ගියා. ජීවත් වෙන්න විදියක්‌ නැතිව ඉන්නකොට පත්තරේ තිබ්බ ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක සේවක ඇබෑර්තුවක්‌ දැකලා කොළඹ ඇවිත් ඒ මධ්‍යස්‌ථානයේ සේවයට බැඳුණා. ඒත් පස්‌සෙයි දන්නේ ඒක ගණීකා මඩමක්‌ කියලා. දැන් පිරිමින්ට ලිංගික ශ්‍රමය අලෙවි කිරීම තමයි එකම ආදායම් මාර්ගය.

සම්බාහන මධ්‍යස්‌ථානයක ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරන පුෂ්පිකා පැවැසුවාය. දැනට 26 හැවිරිදි වියෙහි පසු වන ඇයගේ ජීවිත කථාව ප්‍රකාශ වූයේ මේ අයුරිනි.

අපේ පවුලේ මමයි මල්ලියි අම්මයි තාත්තයි සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිටි අපේ පවුලේ ආර්ථීක දුෂ්කරතා ගොඩක්‌ තිබුණා. අම්මයි තාත්තයි කුලී වැඩ කරලා තමයි පවුල නඩත්තු කළේ ඇය කීවාය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය ප්‍රදේශයක පදිංචිව සිටි පුෂ්පිකා පාසැල් ගියේ ගමේ පාසලටය. දැඩි ආර්ථීක දුෂ්කරතා හේතුවෙන් ඇය අට වැනි ශ්‍රේණීයෙන් පසුව පාසැල් ගමන නතර කළාය. අනතුරුව ගේ දොර වැඩකටයුතු කරගෙන සිටි ඇයට දිනක්‌ කුලී වැඩ කරන තරුණයෙකු මුණ ගැසුණේ නිවසට යාබද ස්‌ථානයකදීය. එම හමුවීම ප්‍රේමයකට පෙරළීමට ගත වූයේ කෙටි කාලයකි.

එකිනෙකා හා පෙමින් වෙලූ‍ණු මෙම තරුණ යුවළ දිනක්‌ පුෂ්පිකාගේ දෙමවුපියන්ට හොරා රහසේ පැන ගොස්‌ වෙනම කුලී ගෙයක පදිංචි වූහ. නීතියෙන් විවාහ නොවී එකට ජීවත් වූ මොවුන්ගේ ඇසුර වැඩි කල් නොපැවැතිණී. මාස තුනක කාලයකට පසු පුෂ්පිකාව අතරමං කර දැමූ ඇය හා විසූ තරුණයා එම ප්‍රදේශයෙන්ද පලා ගොස්‌ තිබුණේ හොර රහසේය.

හොර රහසේ තරුණයකු සමඟ පැන යාම නිසා තම දෙමවුපියන් හා සහෝදරයාද අහිමි කරගෙන සිටි පුෂ්පිකාට සිදු වූයේ කබලෙන් ළිපට වැටුණා හා සමානවූ සිදුවීමකි. ජීවත් වීමට මඟක්‌ නොතිබීම හේතුවෙන් ඇය කුලී රැකියාවක්‌ සොයා ගැනීමට උත්සාහ කළද එයද සාර්ථක නොවීය.

පසුව පුවත්පතක කොළඹ පිහිටි ආයුර්වේද සම්බාහන (මසාඡ්) මධ්‍යස්‌ථානයක සේවය සඳහා සහායිකාවන් අවශ්‍ය බවට පළ වූ දැන්වීමක්‌ ඇය නෙත ගැටුණේ අහම්ඛෙනි. එම දැන්වීමෙහි සඳහන් තොරතුරුවලට අනුව හඳුනන අයෙකුගෙන් අතමාරුවක්‌ ලබාගෙන කොළඹ පැමිණී ඇයට එම සම්බාහන මධ්‍යස්‌ථානයෙහි රැකියාව ලැබිණී. මනා පෙනුමකින් යුතු වීම නිසා ඇයට රැකියාව ලැබුණද එම මධ්‍යස්‌ථානයෙහි සම්බාහනය මුවාවෙන් සිදු වනුයේ ගණීකා ව්‍යාපාරයක්‌ බව පුෂ්පිකාට අවබෝධ වූයේ රැකියාව ලැබුණ දිනයේය. මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට ඇය තුළ සිහිනයකින්වත් අදහසක්‌ නොතිබුණද ආදායම් මාර්ගයක්‌ නොතිබීම නිසා සම්බාහන මධ්‍යස්‌ථානයේ පාලිකාවගේ පෙළඹවීම මත ඇය ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට පෙළඹුණාය.

සමාජයේ උසස්‌ යෑයි සම්මත පැලැන්තියේ පිරිමින් වැඩි දෙනෙකු පැමිණෙන එම සම්බාහන මධ්‍යස්‌ථානයේ වහලියක ලෙස ඇයට දිනකට පිරිමින් 4 – 5 ත් අතර සංඛ්‍යාවකට ලිංගික ශ්‍රමය අළෙවි කිරීමට සිදුව තිබේ. ඇතැම් දිනවල පිරිමින් 10 දෙනෙකුට පමණ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට සිදු වන බව පුෂ්පිකා පවසන්නීය.

එක්‌ අයෙකුට ලිංගික ශ්‍රමය අළෙවි කිරීම වෙනුවෙන් ඇයට රුපියල් දහස්‌ ගණනක්‌ ලැබුණද සිය ජීවිතය තෘප්තිමත් එකක්‌ නොවන බව ඇය සඳහන් කර සිටියාය.

මුදලට වසර තුනක කාලයක්‌ මුළුල්ලේ පිරිමින්ට සම්බාහනය මුවාවෙන් ලිංගික ශ්‍රමය අලෙවි කරන පුෂ්පිකාට දැන් අවශ්‍යව ඇත්තේ මෙම ලිංගික ශ්‍රමික ජීවිතයෙන් මිදීමටය. පවුලෙහි සාමාජිකයන් හෝ නැදැ හිත මිතුරන් නොසිටීම නිසා මේ වනවිට පුෂ්පිකාගේ සමීපතම මිතුරිය වී ඇත්තේ ඇය වැඩ කරන ස්‌ථානයේම ලිංගික ශ්‍රමය අලෙවි කරන තවත් ඇය වන් වූ යුවතියකි.

ඔවුන් දෙදෙනාම වැඩ කරන සම්බාහන මධ්‍යස්‌ථානයේ නේවාසිකව සිටින අතර මේ වන විට සමලිංගිකයන් බවට පත්ව සිටිති.

කෙසේ හෝ පුෂ්පිකාට දැන් අවශ්‍යව ඇත්තේ ලිංගික ශ්‍රමික ජීවිතයෙන් මිදී කුමක්‌ හෝ රැකියාවක්‌ කර ජීවත් වීමටය. එහෙත් ඇය ප්‍රථමයෙන් මෙම සම්බාහන මධ්‍යස්‌ථානයේ රැකියාවෙන් මිදිය යුතුය.

ඇයව සම්බාහන මධ්‍යස්‌ථානයෙන් මුදා ගෙන ස්‌වයං රැකියාවක්‌ කිරීම සඳහා ඇයට උදව් උපකාර කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් කටයුතු කරන අභිමානී කාන්තා එකමුතුව ඉල්ලීම් කරයි.

පුෂ්පිකාට හෝ පුෂ්පිකා මෙන්ම ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් පවත්වාගෙන යනු ලබන ගණීකා මඩම්වල ලිංගික ශ්‍රමය අලෙවි කරමින් සිටින එම තත්ත්වයෙන් මිදීමට කැමැති තරුණීයන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැමැති අයෙක්‌ සිටී නම් දැනට රජයේ ලියාපදිංචිය ඇති අභිමානී කාන්තා එකමුතුවෙහි කොමර්ෂල් බැංකු ගිණුම වන 8190052096 ගිණුමට ආධාර බැර කරන ලෙස එම එකමුතුව ඉල්ලා සිටී.
යහලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!