Gossip

“කුඩු නැවේ කුඩු ගෙනාපු හැටි“ – වටිනාකම කෝටි 110 යි ඡායාරූප මෙන්න

cover

දකුණු මුහුදේදී විදේශිකයින් 11ක් සමග අත්අඩංගුවට ගත් කිලෝ 101ක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 11,000ක් පමණ වන බව ගණන් බලා තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මේ ගැන තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ කුඩා නැව ඉරානයට අයිති නැවක් බවත්, මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ මීගමුව, දුංගල්පිටිය ප්‍රදේශයේ ලැඟුම්හලක නැවති සිටි පිරිසක් විසින් බවත්, මූලික විමර්ශනවලදී හෙළිවී ඇති බව ඒ මහතා අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අත්අඩංගුවට ගත් විදේශකයින් 11 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයේ සිටින බවත්, වැඩිදුර පරීක්ෂණ සිදුවන බවත්, ඒ මහතා කීවේය.

n1 n2 n3 n4 n5 n6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!