Gossip

දුලානිගේ නිරුවත් ෆොටෝ වල ඇත්ත මෙන්න

 

cover

පාසල් නිවාඩු කාලය හින්දා ගුරැුවරියක් වන ඔබට ලොකු විවේකයක් ලැබිලා ඇති?
ඇත්තටම විවේකයක් නැහැ. රිදී රුයක් ප‍්‍රසංගයට සූදානම් වෙන හින්දා. මම රගපෑ චක‍්‍ර ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. රිදී රුයක් ප‍්‍රසංගයෙන් පසුව චක‍්‍ර ඉතිරි ?ගත කිරීම්වලට සහභාගි වෙන්න  ඕන. සම්පූර්ණ මාසෙම කලා කටයුතුවලට වෙන්වෙලා තියෙන්නෙ.

චක‍්‍රවලට හොඳ ප‍්‍රතිචාර තියෙනවද?
ඔව්. ඇත්තටම හිතුවට වැඩිය පිරිසක් නරඹනවා. ගොඩක් අය කතාවට මගේ චරිතයට ගොඩක් කැමති බව කියන දේවල්වලින් තේරෙනවා.

ගුරැුවරියක්, නිළියක් කියන වෘත්තීන් දෙක එකට කරගෙන යන්න පුළුවන්ද?
සමහර වෙලාවට ගුරැුවරියක් වීම නිසාම නොවුණත් චිත‍්‍රපට සඳහා තෝරා බේරාගෙන වැඩ කරනවා. රංගනය ලංකාවේ සංස්කෘතීන්ට ජීවන රටාවට ගැළපෙන්න කරන්න  ඕන කියන සිතුවිල්ලෙ මම ඉන්නවා. ගොඩක් වෙලාවට තෝරා බේරගෙන වැඩ භාර අරගෙන පාසලේ කටයුතු වගේම රංගන කටයුතුත් කරගෙන යනවා.

මොනවද පාසලේ උගන්වන්නෙ?

නැටුම්.

අලූතෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?

අපේ කාලයේ පටාචාරා, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ කොරල් ෆිල්ම් එකක් හැටියට බන්දන් චිත‍්‍රපට දෙක එන්න තියෙනවා. ටෙලිනාට්‍ය දෙක තුනක් එන්න තියෙනවා.

ඒවත් ඉතිහාස කතාද?

නෑ. බන්දන අපේ සංස්කෘතියේ තිබෙන යාග හෝම ආශ‍්‍රය කරගෙන කළ චිත‍්‍රපටයක්. ඒක හොල්මන් පැත්තට වැටෙන එකක්. අපේ කාලයේ පටාචාරා චිත‍්‍රපටය හැදිලා තියෙන්නෙ වර්තමානය සහ අතීතය මිශ‍්‍රවෙලා.

ඔබ ඉතිහාසය කතා කිහිපයකම රගපාලා තිබෙනවා. මේ ඉතිහාස කතා රුල්ලට ගොඩක් විවේචන එල්ල වෙනවා නේද?

එක එක කාලවලදී රුලි ආවත් කාලෙ ඉවර වුණාම රුල්ල යනවා. මේ කාලය තුළ ඓතිහාසික රුල්ලට බර චිත‍්‍රපට බිහිවුවත් එය නැතිවේගෙන යන ස්වභාවයක් තියෙනවා. වාණිජමය චිත‍්‍රපට රුසක් එළියට ඒමත් එක්ක වෙනත් රුල්ලක් ඒවි.

වැඩි ඉල්ලූම කුමන චිත‍්‍රපටවලටද?

වාණිජමය චිත‍්‍රපට හැටියට ප‍්‍රවේගය, ඇඩ‍්‍රස් නෑ, මේ වගේ ආදරයක් වැනි චිත‍්‍රපටවලට යම් පේ‍්‍රක්‍ෂක අවධානයක් දිනා ගැනීමට හැකිවීමත් එක්ක විවිධාකාර චිත‍්‍රපට නිර්මාණයට නැවත ඉඩක් වෙන් වේවි.

ඔබ රසිකයන් අතරට එන්නෙත් මේ ඉතිහාස කතා එක්කයි. වැඩි කැමැත්ත තවමත් මේ කතාවල රගපාන්නද?

මම රංගන ශිල්පිනියක් හැටියට බලාපොරොත්තු වෙන්නෙ වෙනස්ම වූ දෙයක් අරගෙන පේ‍්‍රක්‍ෂකයා අතරට එන්න. මම කැමැති හැමතිස්සෙම අලූත් දෙයක් එනවා නම්. ඓතිහාසික චිත‍්‍රපටම නොකර අලූත් විදියට වෙනස් වන චිත‍්‍රපට කිරීමයි මට බලපාන්නෙ.

ඔබ ලැබෙන  ඕනම චරිතයක් බාරගන්නවද?

නෑ. පියපත කියවලා මට කරන්න පුළුවන් දෙයක් නම් විතරයි තෝරාගන්නෙ.

වැඩි කැමැත්ත චිත‍්‍රපටවලටද?

මම ආවත් චිත‍්‍රපටවලින්. මම සිනමාවට ගොඩක් ආදරය කළත් හොඳ ටෙලි නාට්‍යයක් ආවෙත් අත්හරින්නෙ නම් නෑ.

තවම තනිකඩ ඔබට විවාහ වෙන්න අදහසක් නැද්ද?

විවාහ වෙන්න  ඕන. තාම විවාහයක් වුණේ නෑ. ඉදිරියට බලමු. ඒකත් වෙයි ඉතිං.

ඒ කියන්නෙ ඔබ ආදරය ගැන කොහොමද හිතන්නෙ?

ආදරය අත්‍යවශ්‍ය දෙයක්. පැවැත්මට ඇඳුම් පැළඳුම් වගේම ආදරයත් අවශ්‍යයි.

දැන් ආදරය කරන කෙනෙක් ඉන්නවද?

ආදරය අපි එක එක විදිහට කරනවා.

නම කියන්න කැමතිද?

නෑ. මම කිව්වෙ ආදරය කරනවා. ආදරය එක එක විදිහට කරනවනෙ. සමහරවිට අනිත් කෙනා ආදරය කරනවා කියලා දන්නෙත් නෑ. සමහර වෙලාවට අනිත් කෙනා දන්නවා වුණත් වැඩක් වෙන්නෙ නෑ. ආදරය දෙන්නෙක් එකතු වෙලාම කරන්නෙ නැහැ. ආදරය කියන හැගීම මම විඳලා ලබලා තියෙනවා. නැවත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමහරවිට අනිත් කෙනා නොදැන ආදරය කරන කාලවකවානු ගෙවිලා යනවා.

මේ කාලයේ ඔබේ ඒකපාර්ශ්වික පේ‍්‍රමයක් තිබෙන බවද කියන්නෙ?

ආදරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ හැගීමක් තියෙන්නෙ.

ක්‍ෂේත‍්‍රයට ආවාම එක එක අයගෙන් බලපෑම් එල්ල වන බව ඇතැමුන් කියනවා. ඔබටත් මේ දේවල් අත්විඳින්න වුණාද?

කාගෙන්වත් කරදර වෙලා නෑ. කලාකරැුවන් විදියට අපට ආදරය කරන පිරිස වැඩියි. තමන් ඒකට ෆෙස් කරන්න  ඕන විදියක් තියෙනවා. ඒක ප‍්‍රශ්නවලට පෙරළගන්නෙ නැතුව සාවධානව ඇහුම්කන් දීලා විසඳගන්න  ඕනෙ. අපට ආදරය කරන්න කාටවත් එපා කියන්න බෑ. අපි ඉන්න ස්ථාවරත්වය පෙන්නුවාම කාටවත් ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ.

මෙතෙක් ආව ගමන ගැන හිතුවොත්?

මම තෘප්තිමත් වෙනවා. ක්‍ෂේත‍්‍රයට එන්න වගේම පවතින්න අමාරැුයි. මම හෙමින් මේ ගමන ආවෙ. නමුත් මගේ වාසනාවට මම මුලින්ම එන්නෙ ප‍්‍රධාන චරිතයක් හරහා. එය ඉතා සතුටින් ආරක්‍ෂා කරගෙන යනවා. මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න ලැබීම ගැන සතුටුයි.

කලකට ඉහත ඔබ රගපෑ චිත‍්‍රපටයක ඔබ පනින දර්ශනයක නිරැුවත් බව ඔබ ග‍්‍රැෆික් නිර්මාණයක් බව කියා තිබුණා. මේ ගැන වෙබ් අඩවි පුවත් මැව්වා. ඔබට සාධාරණයක් වගකිවයුත්තන්ගෙන් ඉටුවුණාද?

නෑ අන්තර්ජාලයට මුදාහැරියාම ඒ ගැන ෆයිට් කරන්න බැහැ. දුක තියෙන්නෙ අපිත් එක්ක එකටම ඉන්න අයනෙ ඔය දේ කරන්නෙ. ඒ ගැන දුකයි. අපි විශ්වාසවන්තව වැඩ කරන අය වෙන වෙන අවශ්‍යතා වෙනුවෙන් ඒ අය තවත් කෙනෙක් අපහසුතාවයට පත්කරලා ලබන සතුට මොකද්ද? ජීවිතයේ කවදාහරි ඒගොල්ල කරපු දේට ඔවුන්ගේ හිතින් පවා වන්දි ගෙවාවි.

ඔබව නිරැුවත් කළාද?

මම ටයිඞ් ෂෝටක් ඇඳලා හිටියත් වෙන දෙයක් යොදා නිර්මාණය කර තිබුණා

 

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!