Gossip

වේදිකාවේ ඉඳන් ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා – Photos

රසික ආදරය දිනාගෙන ජනප්‍රියත්වයට පත්වුණු නළුවෙක් චමයි පුබුදු චතුරංග කියන්නේ.
පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ඔහුට හොඳම නළුවාට හිමි සම්මානයත් හිමිවුණා.
පුබුදුගේ ආදර කතාව ගැනත් එතනදි හුඟක් අය දැනගත්තා.
ඉතිං ඒ ආදර කතාව ගැන සතිඅන්ත පුවත්පතකට ඔහුගේ ආදරවන්තිය වුණු නිමාෂා කියලා තිබුණේ මේ විදිහට.

හංග හංග හිටපු පෙම් කතාව හැමෝම දැනගත්තා නේද..?
ඔව්නේ… අපේ ආදරේ එළිවුණානේ.

පුබුදුත් එක්ක තිබ්බ පෙම් කතාව නිමාෂා කාලයක් වහන් කළා. ඇයි ඒ..?
මම පෞද්ගලිකත්වයට කැමතියි. පුබුදු අයියයි මමයි එකට යද්දි ගොඩක් අය හිතන්නේ අපි දෙන්නා අයියයි නංගියි කියලා.
අපේ මුහුණුවර එක වගේ කියලා තමයි ගොඩක් අය කියන්නේ.
මමත් ඒ විදිහටම හිතන්න දුන්නා.

පුබුදු රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී හැමෝම ඉදිරියේ ආදරය ප්‍රකාශ කරද්දි මොකද හිතුණේ..?
එයා ඒ වගේ වචන ටිකක් වේදිකාවේදී කියයි කියලා මම හිතුවේ නෑ. එතැනදි ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා.
ඒ වෙලාවේ මටත් හිතාගන්න බැරි තරම් සතුටක් දැනුනේ.

පුබුදුගේ සම්මානය ගැන නිමාෂා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා ආරංචියි..?
හොඳම නළුවාට හිමි සම්මානයට දක්ෂයන් පිරිසක් තමයි නිර්දේශ වෙලා හිටියේ.
හැබැයි පුබුදු අයියා රඟපාපු One Way ටෙලි නාට්‍ය මම මුල ඉඳලම බැලුවා. අයියා ඒ වෙනුවෙන් කරපු කැප කිිරීම මම දැක්කා.
ඒ නිසා මම ආශාවෙන් හිටියේ අයියට ඒ සම්මානය ලැබෙනවට.
හැබැයි අයියා මට කිව්වේ අපි යන්නේ සම්මාන ගන්න නෙවෙයි. සම්මාන උළෙල බලන්න කියලා. අපි දෙන්නා එකට ඉඳන් සම්මාන උළෙලක් බැලුවේ එදා තමයි.
අයියට සම්මානය ලැබෙද්දිත් මට ගොඩක් සතුටු හිතුණා.

පුබුදුගෙයි ඔයාගෙයි ආදර කතාව පටන් ගත්තේ කොහොමද කියලා දැන් කියමු නේද.?
අපි දෙන්නා එකම ස්කීම් එකේ ලේන් දෙකක ඉන්නේ. හැබැයි මම එයාව දැකලා තිබුණේ නැහැ.
අපේ පාසලේ බැජ් පාටි එකට ආරාධිතයෙක් විදිහට අයියා ආවා.
එදා තමයි මම පුබුදු අයියව ඇත්තට දැක්කේ. එදා අපේ පාසලේ ළමයි පුබුදු අයියව ඇත්තටම දැක්කේ.
එදා අපේ පාසලේ ළමයි පුබුදු අයියත් එක්ක ෆොටෝස් ගත්තා.
මටත් එයා එක්ක ෆොටෝ එකක් ගන්න ලැබුණා.
එදා මිස් ක්වීන් කිරුළ පැලැන්දුවේ අයියා.
ඊට පස්සේ අපි කතාබහ කළා. අයියා පින් අතේ වැඩ කරනවනා.
අපිත් ඒ කණ්ඩායමක් එක්ක වැඩ කළා.ක
ඔය අතරේ තමයි අපේ ආදරයත් ප්‍රකාශ වෙන්නේ.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ පුබුදුද..?
ඔව්… ඒකත් මට පුදුම කිරීමක්.
අපි කළුතර බෝධියට පූජාවක් තිබ්බා. මමත් අපේ ගෙදර අය එක්ක ඒ පූජාවට ගියේ.
එතැනදි අයියා මාව කළුතර බෝධිය ළඟට එක්ක ගිහින් මට කැමතියි කිව්වා.
මම එකපාර ගල් වුණා වගේ ඉදලා මුකුත් නොකියා එතැනින් ගියා.

හැබැයි නිමාෂාගේ හිතේ පුබුදු ගැන කැමැත්තක් තියෙන්න ඇතිනේ..?
ඔව්.. එයාට මම අකමැති වෙන්න හේතුවක් තිබුණේ නැහැ..

පුබුදු නළුවෙක් කියන දේ ඔය කැමැත්තට බලපෑවද..?
පුබුදු අයියා නළුවෙක් කියලා හිතලා මම යාළු වුණේ නැහැ.
එයා පුද්ගලයෙක් විදිහට ගොඩක් හොඳ කෙනෙක්.
ඕන දෙයක් ගැන එයාට හොඳ දැනුමක් තියෙනවා.
ඒ නිසා ඕන දෙයක් තේරුම් ගැනීමේ හැකියාව එයාට තියෙනවා.

නිමාෂාට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද..?
මම පුංචි කාලේ ඉඳන් වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. රංගනයටත් ආරාධනා ලැබුණා.
මගේ උපාධියේ අධ්‍යයන කටයුතු නිසා රංගනය වෙනුවෙන් කාලය වෙන් කරන්න අපහසු වුණා.්
ඒ නිසා ඒ ආරාධනා අතහැරලා දැම්මා.

රංගන කටයුතු අත්හැරියේ පුබුදු නිසා නෙවෙයිද..?
මම රංගනයට සම්බන්ධ වෙනවට එයාගේ අකමැත්තක් නැහැ.. මම කැමතියි පුබුදු අයියත් එක්ක චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. දැන් හොඳ ගුරුවරයෙකුත් ඉන්නවනේ.. එයා මට රංගනය කියාදෙයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!