Gossip

“හදිසියේම පිපිරීම සිදුකරන්න කියා ඔහු කෑ ගැහුවා. ඉයර් ෆෝන් එක සහ ජංගම දුරකථන විසි කළා. එක වරම බිම ඇද වැටුණා”

PUBG කිවුවහම නොදන්න කෙනෙක් නැනේ. පුංචි ළමයාගේ ඉදන් වැඩිහිටියා දක්වා බහුතරයක් මේ mobile game එකට ඇබ්බැහි වෙලා ඉන්නවා.
විශේෂයෙන්ම ලංකාව සහ ඉන්දියාව මේ අතරින් ප්‍රධානයි. මේ වනකොට PUBG Mobile, ඉන්දියාවේ විශාල ගැටළුවක් වී තිබෙනවා .
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, කලහකාරී භාවය වැඩි වීම වගේම විශාල ලෙස විවාහයන් දෙදරා යාමට තරම් ඉන්දියාව තුළ PUBG බලපෑමක් ඇතිකර තිබෙනවා.
ලංකාවට ඒ තරම් බලපෑමක් මේ වන විට නැති වුණත් ගොඩක් දෙනෙක් මේ game එකට ඇබ්බැහි වෙලා තියෙනවා.
පසුගියදා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ නීමෙක් නගරයේ ෆුර්කාන් කුරේෂි නම් 16 හැවිරිදි පිරිමි දරුවා PUBG තරගයක යෙදී සිටින අතරතුර හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
මෙම සිදුවීම සිදුවෙලා තිබෙන්නේ මැයි 26 වනදා සවස 7 ට පමණයි.
ඔහුගේ පවුලේ අය විස්තර කල ආකාරයට ෆුර්කාන් සිය දිවා ආහාරය ගැනීමෙන් අනතුරැව PUBG ක්‍රීඩාව සෙල්ලම් කිරීමට පටන්ගෙන තිබෙනවා.ෆුර්කාන්ගේ සහෝදරිය වන ෆීසා කුරේෂි සිද්ධිය සිදුවූ විට ඔහු අසල හිද තිබෙනවා . “මගේ සහෝදරයා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ PUBG සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම, පිපිරීම සිදු කරන්න’ කියා ඔහු කෑ ගැසුවා.
එවිට ඔහු ඔහුගේ ඉයර් ෆෝනය සහ ජංගම දුරකථනය ඉවතට විසිකරලා අඩමින් ‘අයන් මම ඔබ සමඟ සෙල්ලම් කරන්නේ නැහැ ‘ ඔයා නිසා මම පැරදුනා. එවිටම ඔහු බිම ඇද වැටුණා ” ලෙස ඇය සිදුවීම විස්තර කර තිබුණා.
ඔහුගේ පවුලේ අය ඔහුව ලගම තිබෙන රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඒත් වෛද්‍යවරැන් පවසන අන්දමට ඔහුව රෝහලට රැගෙන එන්නට පෙරම මියගොස් තිබෙනවා.
නමුත් වෛද්‍යවරු හෘදස්පන්දනය නැවත ගැනීමට උත්සහ කර තිබෙනවා.
“අපි ඔහුව පුනරාවර්තනය කිරීමට උත්සාහ කළා නමුත් අපේ උත්සාහය අසාර්ථක වුණා “,
රෝහල් වෛද්‍ය අශෝක් ජයින් මහතා පවසා තිබුණා. තවද ඔවුන් පවසන අන්දමට ක්‍රීඩාව පරාද වූ නිසා ඇතිවුණ ක්ෂණික කෝපය හෘදයාබාදය ඇතිවීමට හේතු වී ඇති බවයි. වෛද්‍ය තුමා තවදුරටත් පවසන්නේ ළමුන් මේ ක්‍රීඩාවෙන් ඈත් වී සිටීම සුදුසු බවයි.
ෆුර්කාන්ගේ සොහොයුරු මොහොමඩ් හසිම් ඔහුගේ සොහොයුරාගේ කණගාටුදායක අභාවයෙන් පසු PUBG Mobile පිළබදව මෙලෙස ප්‍රකාශ කර තිබුණා.”මමත් එම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට පුරුදු වී සිටියා මගේ සොහොයුරාගේ මරණයෙන් පසුව මාගේ ජංගම දුරකථනයෙන් එය මකා දැමුවා ”
මේ වෙනකොට PUBG ක්‍රීඩාවට පුද්ගලයන් ඇබ්බැහිවීම බරපතල ගැටළුවක් වී තිබෙනවා. මෙවැනි ක්‍රීඩා නිසා ඇතිවෙන බලපෑම් පිළිබදව අපි හැමකෙනෙක්ම අවබෝධයෙන් සිටිය යුතුයි.
දැන් දැන් සමාජ ගතවන මෙවැනි ක්‍රීඩාවලින් මිනිසුන්ගේ මනස විකෘති කරනවා. තමන්ගේ දරැවන් මෙවැනි ක්‍රීඩාවලින් ඈත් කර තබා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!