Gossip

“සමාජජාලා මාධ්‍යයන් තුළින් කුසල්ව විවේචනය කරන දේවල් කරන්නෙපා” – හතුරුසිංහගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජජාල මාධ්‍යයන්වල බොහෝ සේ කතාවෙන්නට පටන් ගත්තා.

කෙසේවෙතත් සමාජජාලා මාධ්‍යයන්හීදි විවේචනය වන කුසල් මෙන්ඩිස් රැක ගැනීමට පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉදිරිපත් වී තිබෙනවා.

ඔහු ක්‍රිකට් රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ සමාජජාලා මාධ්‍යයන්හීදි කුසල් මෙන්ඩිස් විවේචනය කිරීමෙන් වලකින ලෙසටයි.

“මම හිතන්නේ සමාජ ජාලා තුළින් කුසල්ව විවේචනය කරන දේවල් නොකරනවා නම් හොඳයි. ඒක ඔහුගේ මානසිකත්වයට ගොඩක් බලපානවා. නමුත් මම හිතන්නේ නෑ ඔහු ඕවා කියවනවා ඇති කියලා. අපි පුහුණුවීම් කරන විදියටම එයත් පුහුණුවීම් ගොඩක් හොඳට කරනවා. කණ්ඩායමේ සියලු දෙනාමත් කැපකිරීම් කරලා හොඳින් පුහුණුවෙනවා. දකුණු අප්‍රිකාවේ වැඩිම ලකුණු ගැහුවෙත් එයා. කුසල් හොඳ ක්‍රීඩකයෙක්. එක ආරම්භයක් ලැබුණොත් මෙම ලෝක කුසලාන තරඟාවලියෙදී කුසල්ගේ දක්ෂතා දැකගන්න ලැබේවි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!