Gossip

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රහිම් ඉන්සාෆ් කන්ටේනර් බහාලුම් සොරකමක සැකකරුවෙක්

පාස්කු ඉරිදින ප‍්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා රුපියල් ලක්ෂ 62ක ඇලුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුලූ කන්ටේනර් බහාලූමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක ප‍්‍රධාන සැකකරු බවට අධිකරණයේදී කරුණු අනාවරණය වුණා

ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවේ ඉකුත් ජනවාරි මස 29 වැනිදා යළි කැදවූ අවස්ථාවේදී මෙහි ප‍්‍රධාන සැකකරු වූ අංක 658/90, මහවිල ගාඩ්න්, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයෙහි පදිංචිව සිටි මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

රුපියල් 6,166,525ක් වටිනා ඇලුමිනියම්, පිත්තල සහ යකඩ අඩංගු කන්ටේනර් බහාලුමක් සොරකම් කළැයි ඉකුත් 2013 වර්ෂයේ මැයි මස 30 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් හත්දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!