Gossip

“මිනිස්සු මට බණිනවා – හරිම දුෂ්ටයි කියල තමයි කියන්නේ” – අරුණි මෙන්ඩිස්

අරුණි මෙන්ඩිස් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිවේදිකාවක්.මේ දිනවල දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඉතාමත් සාර්ථක ලෙස නිලූගේ චරිතයට පණපොවන ඇය ඇගේ කලා කටයුතු ගැන වගේම පුද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා. ඒ මෙන්න මේ විදිහට…

අරුණි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?
මම කොහොමත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි නිවේදිකාවක් විදියට වැඩ කරනවා. ඒ වගේම දෙවැනි ඉනිමේ රංගන කටයුතු කරගෙන යනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒව තාම සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ.

සිනමාවට ඔබට ආරාධනා ලැබෙන්නෙ නැද්ද ?
ආරාධනා ලැබෙනවා. බෙනට් රත්නායකයන්ගේ නවතම සිනමා පටයේ මුහුරත් උළෙල ගිය සතියේ පැවැත්වුණා. ඒ සිනමාපටය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා රංගනයෙන් දායක වෙන්න. ප‍්‍රධාන චරිතය නෙවෙයි. ප‍්‍රධාන චරිත එක්කම ගොඩනැගෙන චරිතයක්.

කොහොමද ඔබ නිවේදනයට එන්නේ ?
මම පාසල් කාලේ කලාවට ලැදි කෙනෙක්. හැබැයි පාසල් වේදිකාවේ මම ජනප‍්‍රිය වුණේ නර්තනයට. ඊළඟට රංගනය කරල තිබුණා. නමුත් මම පාසලේදීවත් නිවේදන කටයුතු කරල තිබුණේ නැහැ. අම්මගෙ ආසාවට තමයි මම නිවේදිකාවක් වෙන්නේ. ඒක හරිම අමාරු ඉන්ටව් එකක්. තිර පරීක්ෂණ 05 ක් තිබුණා. කොහොමත් විශ්වාසයක් තිබුණේ නැහැ. එහෙම තමයි නිවේදන ගමන පටන්ගන්නේ.

අනාගතය ගැන හිතද්දි කුමන වෘත්තිය ද තෝරගන්න හිතාගන ඉන්නෙ දිගටම කරගෙන යන්න ?
ඒක මෙහෙමයි. මම කැමැතියි රංගන ශිල්පිණියක් විදියට මාව හදුනාගන්න පුළුවන් තලයකට යන්න පුළුවන්නම්. නමුත් අපේ රටේ සහ ක්ෂේත‍්‍රයේ වාතාවරණයත් එක්ක වෘත්තීමය රංගන ශිල්පිණියක් විදියට රඳා පැවතීමේ හැකියාව යම් අර්බුදකාරී තැනක තියෙන්නෙ කියන දේ අපි පිළිගන්න ඕනෑ. ඒ නිසා මම තාම දන්නෙ නැහැ ඒක කොහොම වෙයිද කියන එක. නමුත් මට ලැබෙන්නෙ නිවේදනය ද රංගනය ද මට ලැබෙන වැඬේ හරියට බොහොම ආසාවෙන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මට බැරි නම කිසිම දෙයක් භාරගන්නෙ නැහැ.

දෙවනි ඉනිමෙ චරිතයට තියෙන ප‍්‍රතිචාර කොහොමද ?
පැහැදිලිවම මිනිස්සු මට බණිනවා. හරිම දුෂ්ටයි කියල තමයි කියන්නේ. සැබෑ ජීවිතේදි මම එහෙම නැහැ කියලයි මට හිතෙන්නේ. ඒක දන්නෙ මගේ සමීපතමයන්. මං මොනවගේද කියල දන්නෙ මං ආශ‍්‍රය කරන අයනෙ. මං හිතනව මං මධ්‍යස්ථ කෙනෙක් කියලා.

ඉදිරි සැලසුම් ගැන යමක් කිව්වොත් ?
මෙහෙමයි. ඇත්තටම කිව්වොත් මම ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු එක්ක ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. මම ආස මේ ගෙවෙන මොහොත සන්තෝසෙන් සැහැල්ලූවෙන් ඉන්න. පොඩි පොඩි සැලසුම් කිහිපයක් තියෙනවා පෞද්ගලික ජීවිතයේ. ඒ ඇරුණම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒවත් එක්ක සැහැල්ලූවෙන් ජීවිතය ගෙනියන්නයි හිතාගෙන ඉන්නේ. සරලවම කිව්වොත් මං ආසයි කාගෙන්වත් කරදරයක් නැතුව කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත්වෙන්න.

විවාහය ගැන අදහසක් නැද්ද තාම ?
මම තවම විවාහය ගැන හිතලා නැහැ. ආදරේ දැනෙන්නේ නැතුව වත් ආදරේ කරන්නෙ නැතුව වත් නෙවෙයි. ආදරේ මම හොඳට විඳින කෙනෙක්. ආදරේ කරන කෙනෙක් ඉන්නවා. බලමු ඉතිං.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!