Gossip

ශ්‍රී ලංකාවේ පිරිස් ISIS සංවිධානයට සම්බන්ධවීම ගැන ඉන්දීය මාධ්‍යයට අගමැති කිව්ව දේ

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සිරියාවට ගොස් ISIS සංවිධානය හා සම්බන්ධ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඒ පසුගියදා ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහිදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වැසියන් බොහොමයක් සිටියත් ඔවුන් සහයෝගයෙන් කටයුතු කරන බවයි ඔහු කියා ඇත්තේ.

එමෙන්ම මෙරටින් ISIS සංවිධානය හා සම්බන්ධ වූ සමහර අය ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ජීවත්ව සිටින පවුල්වල අය සමග රජය කතාකරන බවත් කියා ඇති අතර ඉරාකය, සිරියාව සහ අනෙකුත් රටවල්වල හමුදාවන් නිසා ඔවුන් පීඩනයක් ලක්ව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!