Gossip News

මමත් කාගේ හරි අතපය කැඩුවනම්,ගෙදරකට වෙඩි තිබ්බනම් ගෙයක් ගිනි තිබ්බනම් මට නින්දා අපහාස කරන්නැ..ජනපති කිව්ව කතාව මෙන්න…

පැලැන්ත රජමහ විහාරයේ අභිනව සර්වඥ ධතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සසුනට පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවුණා. එතුමා එහිදී පැවැත්වූ කතාවේ දී එතුමාගෙන් කාටවත් කරදරයක් නැති නිසා තමයි මෙච්චර නින්දා අපහාස විදින්න සිදුවෙලා තියෙන්නේ වශයෙන් කියලා තිබෙනවා. එතුමාට කලින් ජනාධිපතිවරැ 5දෙනෙකු ඉදලා තියනවලු.

ඒ සියළුදෙනාම මිනිසුන්ට නොයෙකුත් කරදර දේපල හානි කරලා තියනවලු.හැබැයි එතුමාට තාම එහෙම චෝදනාවක් ඇවිත් නැහැලු. මහ බැංකු කොල්ලයේ සියළු වග උත්තරකාරයෝ මේ වෙනකොට හොයාගන තියනවා,අත්අඩංගුවට අරන් හිරේ දලා තියනවා,රටෙන් පැනලා ඉන්න අයට ජාත්‍යන්තර වරේණ්තු නිකුත් කරලා තියෙනවා,අර්ජුන මහේන්ද්‍ර පළවෙනි වග උත්තරකාරයා ලංකාවට ලබාගන්න සිංගප්පූරැ අගමැතිවරයා එක්ක පෞද්ගලිකව කතා කරලා තියෙනවා, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මේ රටේ සියළු දෙනාවම අත්අඩංගුවට අරගන තියනවා වශයෙන් එතුමා තවදුරටත් ප්‍රකාශකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!