Gossip News

පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කල බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා පසුගිය 02 වනදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂකලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණි.

කෙසේවෙතත් අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගත කෙරුණු අතර ඔවුන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නොමැත.

ඒ අනුව එදින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ජුනි මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර එදින යළිත් නඩුව කැඳවනු ලැබුවේය.

එහිදී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!