Gossip

පියුමි හංසමාලිගෙන් ලිංගික අල්ලස් ගත්තාද?

cvr

පසුගියදා පැවැත්වුණු ශ‍්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජිණ තරගයේ තුන්වැනි තැන දිනුවේ මයුමි ශ‍්‍රීමාලියි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය ජාත්‍යන්තර රූ රැුජිණ තරගාවලියකට සහභාගි වෙන්න මේ දිනවල සූදානම් වෙනවා.

පියුමි හංසමාලි වේදිකාවෙන් බැස ගියේද මයුමි ශ‍්‍රීමාලි තුන්වැනි තැන ජයගත් තරගාවලියේ දීයි.

මේ සම්බන්ධයෙන් මයුමි පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.

ඔයා පියුමි වුණා නම් ඔයත්, එහෙම වේදිකාවෙන් බැහැලා යනවද?

කවදාවත් නැහැ. තරගයකට සහභාගි වෙනකොට ජය පරාජය භාර ගන්න සූදානමින් ඉන්න  ඕන.

පියුමි පරාජය වුණේ පියුමි ලස්සන නැති නිසාද?

අවසන් වටයට 12 දෙනෙක් තේරිලා හිටියා. දොළොස් දෙනාම දොළොස් විදියකට ලස්සනයි. පියුමි ලස්සනයි. ඒත් ලස්සන විතරක් ‍නෙවෙයි, ඒ අය මැනලා බැලූ‍වේ. තරගකාරියන්ගේ හොඳ හැසිරීම වගේම බුද්ධිය තියෙනවද කියන දේ ඒ අය සලකලා බැලූ‍වා.

ජයග‍්‍රාහිකාවෝ ලිංගික අල්ලස් ලබා දුන්නාය කියන පියුමිගේ චෝදනාව රටේ සියලූ‍ම රූ රැුජිනන්ට පහරක් වුණා නේද?

ඔව්. හැමෝටම පහරක් වුණා. පුද්ගලිකව මට නම් කිසිම කෙනෙක් ඒ තරගයේ දී අයුතු යෝජනා ගෙනාවේ නැහැ. අපි ලිංගික අල්ලස් දීලා ‍නෙවෙයි ජයග‍්‍රහණය කළේ.

පියුමිගෙන් කවුරු හරි ලිංගික අල්ලස් ඉල්ලූ‍වද?

මට ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.

ඇයි ?

ඔය කියන තරග සංවිධායකවරයා එක්ක තරගකාරියන් හැමෝම අවසන් වටය වෙනකල් බොහෝම හොඳින් හිටියා. හරියටම කව්ද ඇත්ත කියන්නේ, කව්ද බොරු කියන්නේ කියන එක මම දන්නේ නැහැ.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!