Gossip

“පහරදෙන්න එපා කියා වැඳ වැටුණා“ පියුමිගේ සෙට් එක මාධ්‍ය කණ්ඩායමට පහරදුන් සිද්ධිය

 

පසුගියදා පියුම් හංසමාලි හා ඇයගේ මිතුරන් කිහිපදෙනෙකු පැමිණ සිටි හෝටලයකදී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවෙමු.

එහිදී කියැවුණේ පසුගිය පහළොස්‌වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ එක්‌තරා අවන්හලක රාජ්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරියකු විසින් රාත්‍රී සාදයක්‌ සංවිධානය කළ බවත් එම සාදයට මාධ්‍ය ආයතන කිහිපයක සේවකයන් පිරිසකටද ඇරැයුම්පත් ලැබී තිබුණු බවකි.

නියමිත වේලාවට, ඇරැයුම් පත් ලැබූ බොහෝ අය සාදයට පැමිණි සිටි අතර ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියාගේ සාදය කිසිදු අඩුපාඩුවකින් තොරව පවත්වාගෙන ගියේය. එයට සහභාගිවූ පිරිස අන් අයට හිරිහැරයක්‌ නොවන අයුරින් ගී කියමින් විනෝද වූහ.

පියුමි හංසමාලි ඇතුළු තරුණයන් පිරිසක්‌ එම සාදය පැවති අවන්හලට පැමිණියහ. එම පිරිස යාබද මේසයක වාඩිවී තම තමන්ට අවශ්‍ය දේවල් ඇණවුම් කළහ. පැය ගණනක්‌ ගතවූ පසු රාජ්‍ය නිලධාරියා අතුළු පිරිස සහභාගි වූ සාදය අවසන් වුණු අතර එම පිරිස විසිරී යැමට සැරසුණහ.

සාදයට පැමිණි පිරිස විසිර යැමට සැරසුණු මොහොතේ එක්‌වරම පියුමි හංසමාලි සමඟ පැමිණි පිරිසේ සිටි තරුණයන් දෙදෙනකු මාධ්‍ය ආයතනයක සේවකයෙක්‌ ගෙන් “මොකද වෙන්න ඕනෙ කියා” විමසුවේය.

“මොකුත් වෙන්න ඕනෙ නැහැ” එම සේවකයා පැවසුවේය.

“මොකුත් වෙන්න ඕනෙ නැහැ. තට්‌ටයා… තෝ දැන ගනින් අපි කව්ද කියලා. මොකටද අපි දිහා බැලුවේ…”

එක්‌ තරුණයකු ඉතා උස්‌ හඬින් පැවසුවේය.

“මම කා දිහාවත් බැලුවේ නැහැ” යළි ඔහු පැවසුවේය.

“නැත්තේ මොකද. අපි දැක්‌කනේ… උඹ බලන දිහා. තට්‌ටයා පරිස්‌සම් වෙලා හිටපන්…” යළි පියුමි හංසමාලි සමඟ පැමිණි තරුණයකු පැවසුවේය.

ඒ සමඟම එතැන සිටි තවත් තරුණයකු එම සේවකයාට පහරදීමට සැරසුණේය. සාදයට පැමිණි අනික්‌ අය පහරදීමට සැරසුණු තරුණයා වළක්‌වා “මෙතැන ගහගන්න දෙයක්‌ වුණේ නැහැනේ…” කියා පැවසූහ.

ගතවූයේ තත්ත්පර කිහිපයකි. පියුමි සමඟ පැමිණි අනෙක්‌ තරුණයෝද එම ස්‌ථානයට පැමිණියහ. මාධ්‍ය ආයතන සේවකයෝ එම ගැටුම නිරාකරණය කිරීමට සැරසුණත් එම තරුණයෝ එයට කන් නොදුන්හ.

විනාඩි කිහිපයක්‌ ඇතුළත එම අවන්හල පුංචි යුද පිටියක්‌ බඳුවිය. පියුමි සමඟ පැමිණි තරුණයෝ ඉවක්‌ බවක්‌ නොමැතිව මාධ්‍ය ආයතනවල සේවකයන්ට පහර දුන්හ. එක්‌ තරුණයකු වීදුරු බෝතලයක්‌ රැගෙන එයින්ද පහර දුන්නේය.

පියුමි හංසමාලිද ගැටුම මැදට පැමිණ මොන මොනවාදෝ කියමින් එහාට මෙහාට ගියාය. තවත් අවස්‌ථාවක ඇය පහරදෙන තරුණයන් පසෙකට ඇදගෙන යැමට උත්සහ කළාය. එහෙත් එය සාර්ථක වූයේ නැත. කුලප්පු වූ හරක්‌ රැළක්‌ සේ එම පිරිස මාධ්‍ය ආයතනවල සේවකයන්ට පහර දුන්හ.

පියුමි සමඟ පැමිණි එක්‌ තරුණයකු එම අවන්හලේ පළමු මහලේ කළමනාකරුට ඇදගෙන වැටෙන්න පහර දුන්නේය. එලෙස බිම වැටුණු කළමනාකරු බේරා ගැනීමට ගිය මාධ්‍ය ආයතනයක සේවකයකුටද එම පිරිස පහර දුන්නේ ඉතා අමානුෂික අයුරින්ය.

අවසානයේ මාධ්‍ය ආයතනවල සමහර සේවකයෝ එම පිරිසට පහරදීමට එපා කියා වැඳ වැටී ඇත. එහෙත් එය තඹ සතේකටවත් මායිම් නොකළ එම පිරිස මාධ්‍ය ආයතනවල සේවකයන්ට දිගට හරහට පහරදී තිබේ. ඇතිවන තුරු පහරදුන් එම පිරිස සහ පියුමි හංසමාලි අවසානයේ එම ස්‌ථානයෙන් පැනගොස්‌ තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳ පියුමි හංසමාලිගෙන් විමසූ විට ඇය පැවසුවේ මෙවැනි දෙයකි.

“මම මේ පහරදීමට සම්බන්ධ නැහැ. සමහරු කියලා තියෙනවා පියුමි හංසමාලිගේ මැරයෝ පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කළා කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්‌…”

“හෝටලයක යම් සිද්ධියක්‌ ඇතිවුණා. එම ස්‌ථානයේ මමත් හිටියා. එච්චරයි මම දන්නෙ. මම මේකට සම්බන්ධ නැහැ…”

“ඒ පහරදීමට සම්බන්ධ පිරිස ඔබ සමඟ පැමිණියා කියලා චෝදනාවක්‌ තියෙනවා නේද?” යළි අපි ඇයගෙන් විමසුවෙමු.

“මම ඒ පිරිස එක්‌ක ආව තමයි. ඒත් මම මේ ගැටුමට සම්බන්ධ නැහැ” අවසානයේ ඇය එලෙස පැවසුවාය.

පියුමි හංසමාලි කියන අයුරින් එම සාදයට පැමිණි පිරිස ඇයට මොනවා හෝ දෙයක්‌ පවසා තිබේ. එසේ පැවසූ දෙය කුමක්‌ද කියාවත් ඇය පවසා නැත. එසේ කියූ පමණින් ඇය සමඟ සිටි තරුණයෝ සාදයට පැමිණි මාධ්‍ය ආයතනවල සේවකයන්ට අමානුෂික ලෙස පහර දුන්හ. වචනයක්‌ කියූ සැණින් අමානුෂික ලෙස පහරදීමට තරම් හයියක්‌ එම තරුණයන්ට ලැබුණේ කෙසේද යන්න වගකිවයුතු නිලධාරීහු අනිවාර්යයෙන් සොයා බැලිය යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!