තරු හුට පට

ඔටාරා මුහුදු වෙරළේ දාපු වැඩ එළියට (ඡායාරූප)

otara

ඔටාරා ගුණවර්ධන යනු නව ප්‍රවණතාවයන් මවනා ශ්‍රී ලාංකීය ව්‍යවසායිකාවක, ප්‍රබෝධමත් ව්‍යාපාරිකාවක, මානව හිතවාදිනියක සහ වෙනස්කම් ඇති කරන්නියක ලෙසින් ජනාදරයට පත්ව ඇති චරිතයක්නේ.

ඇය තුළ පවතින සුවිශේෂීත්වය නම් ඇය සතුන් කෙරෙහි දක්වන අසීමිත කරුණාව සහ දයාව මෙන්ම සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීමට දරනා නිරන්තර උත්සාහයයි.

සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ඔටාරා‍ විසින් බිහි කළ සංවිධාන බොහොමයි.

කොහොම වුණත් අපි මේ දැන් ඒ සංවිධාන ගැන කතා කරන්න යනවා නෙවෙයි.

මේ කියන්න  යන්නේ ඔටාරාගේ පෞද්ගලික ජිවිතය ගැන කතාවත්.

ඔටාරා කියන්නේ ඉතාම  සුන්දර චරිතයක්නේ. ඒ කියන්නේ එයා තවමත් හරිම  ලස්සනයි. ඒ වගේම ශරිර සෞඛ්‍ය මට්ටමත් හොඳයි වගේ පෙනෙවා.

මේ දේවල් වලට ගොඩක් රහස් ඇති. ඔන්න ඒ රහස් වලින් එකක් අපිට පසුගිය දවසක දැනගන්න ලැබුණා.

ඒ ඇය විසින් පසුගිය දවසක  ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුණු ඡායාරූප කිහිපයක් හේතුවෙන්.

ඒ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඔටාරා යෝගා ක්‍රීඩාවේ යෙදෙන ආකාරයයි.

යෝගා කියන්නේ වෙනත් විවිධ ක්‍රම මඟින් කායික නිරෝගී බව පමණක් ආරක්‍ෂා වෙද්දී යෝග තුළින් කායික, මානසික, ආධ්‍යාත්මික නිරෝගී බව ආරක්‍ෂා වෙනවා.

මෙයට වසර දහස් ගණනකට පෙර විසූ ඉන්දියානු ඍෂිවරුන්ගෙන් දර්ශනයන්ට අනුකූල වූ යෝග කාන්තාවන්ගේ සිරුර, මනස, ආධ්‍යාත්මය පිරිසුදු කරන ආභරණයක් වැනිය.

රුව අලංකරණය සඳහා ආලේප කරන ආලේපනවලින් ලැබෙනුයේ බාහිර අලංකරණයක් පමණි. නමුත් යෝග ඇතුළාන්තයෙන්ම ක්‍රියාත්මක වී අභ්‍යන්තර පවිත්‍රතාව, රූප සෝබාවය ආරක්‍ෂා කරයි. රෝග නිවාරණය කරවාලයි.

බලන්නකෝ ඔටාරා AcroYoga‬ කරන අපූරාව.  කොහාම වුණත් මේ ඡායාරූප දිහා බලලා කවුරුවත් පහත් ලෙස නොසිතනවානම් ගොඩක් හොඳයි.

o1 o2 o3 o4

o7 05 08 o4 o6

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!