Gossip

සතුරන්ගේ පහරට ලක්වීමට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය තමාට වඩාත් සිත්වේදනා ඇතිකරවයි – ඇමති රවීගේ දියණිය තැබූ සටහන මෙන්න

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රහාරයට ලක්ව සිටින විදේශ ඇමති රවී කරුණානායකගේ දියණිය ඔනෙලා විරන්ති කරුණානායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දීර්ඝ සටහනක් පලකර තිබුණා.
එයින් ඇය ප්‍රශ්න කර සිටින්නේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන අතැම් දේවල් වලින් පියාගේ චරිතය ඝාතනය වී ඇති බවයි.
එමෙන්ම වසර දෙකක කාලයේ රටට බොහෝ හොඳදේ සිදු කර නරක කිසිවක් නෑසූ පියා අවසානයේ සියලු චෝදනාවලට ලක්කර මේ වන විට වරදකරුවෙකු කිරීම අසාධාරණ බවත් ඇය පවසා තිබෙනවා.
සිය ෆේස්බුක් සටහන මගින් රවී කරුණානායක මහතාගේ දියණිය පවසා තිබෙන්නේ මෙම සිද්ධියට එක් අයෙකු පමණක් ඉලක්ක කරගෙන පහරදීම අසාධාරණ බවයි.
තවද රවී කරුණානායක විසින් කොමිසමෙන් එළියට පැමිණ මාධ්‍යයට කියූ දේ නැවත මතක් කරමින් ඇය සිය සටහන අවසන් කර ඇත්තේ ‘සතුරන්ගේ පහරට ලක්වීමට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය තමාට වඩාත් සිත්වේදනා ඇතිකරවන‘ බව පවසමිනුයි…

ඔනෙලාගේ ෆේස්බුක් සටහන පහතින්…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!