Gossip

ගේ හදන්න පාරේ ඉඳන් වැලි ටික ඇද්දේ මායි මගේ අම්මයි, ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ – දමිතා අබේරත්න

රසික හදවත් ආදරයෙන් වැළඳගත් සොදුරු කලාකාමී චරිතයක් තමයි දමිතා අබේරත්න කියන්නේ.
සිය රංගනය අති සාර්ථකව ගෙනහැරපාන ඇය සුපිරි නිළියක් ලෙස නම් දරා තිබෙනවා.
ඇය ගැන සතිඅන්ත පුවත්පතක සටහන්ව තිබූ තොරතුරු ගැන වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

දමිතා.. හැමදෙයක්ම කතාකරන්න කළින් මේ දවස්වල මොකද කරන්නේ කියලා කියමු බලන්න..?
හැමදාම වගේ නාට්‍යවල රූගත කිරීම් තමයි.. ප්‍රසංගවලට සහභාගී වෙනවා.
විදේශ රටවල්වල ප්‍රසංග කිහිපයකුත් තියෙනවා.. ඒ වැඩ ටික කරගෙන යනවා ඉතිං..

එකදිගට වැඩ කරලා විවේකයක් ලැබුණාම මොනවද දමිතා කරන්නේ..?
විවේකයක් ලැබුණම අම්මි එක්කයි බලු පැටව් දෙන්නා එක්කයි අයියගේ දරුවෝ එක්කයි තමයි ඉන්නේ..
එ් අය එක්ක කෑමකට එළියට යනවා.. ෆිල්ම් එකක් බලන්න යනවා..

වැඩියෙන්ම කැමැත්තෙන් රඟපාපු චරිතය මොකක්ද..?
ජීවිතේ විවිධත්වයෙන් යුතුව කරපු චරිත බොහොමයක් තියෙනවා. ඒ අතරින් සුළං කිරිල්ලී චරිතය, පාලිගේ චරිතය සෙනෙහෙවන්තයෝ චරිතය, කෙළිමඩල චරිතය ආසාවෙන් කරපු චරිත තමයි.

ඔබ මේ ගතකරන ජීවිතේ අභියෝගයක් නේද..?
ඔව්.. අනිවාර්යෙන්ම.. මම මේ තැනට උඩින් වැටුනේ නෑ. පස්සේ ගෙනා මනමාලි ටෙලිනාට්‍ය කළාට පස්සේ මොකක් හෝ මගේ තිබිච්ච දක්ෂතාවයක් දැකලා මට මගේ පළවැනි චිත්‍රපටය වුණු මී හරකා චිත්‍රපටය ලැබුණා. එහෙම ආපු ගමන තමයි අද මේ තාමත් ඉන්නේ. ඇත්තටම කලබල වෙලා ජනප්‍රිය වෙන්න ඕනෙයි කියලා හිතාගෙන මගේ ජීවිතේ මම මුකුත්ම කරලා නෑ. හැබැයි මම කරපු චරිත දැකලා මට වැඩදීලා එහෙම ආපු ගමන තමයි අද මේ මම රැඳිලා ඉන්නේ.

මේ ගමන එන්න අම්මත් ගොඩක් දුක් වින්දා. අද මට ලොකු ගෙයක් තිබුණට ඒ ගේ හදන්න පාරේ ඉඳන් වැලි ටික ඇද්දේ මායි මගේ අම්මයි. තාච්චිවලට අත කැපිලා අතින් ලේ ආපු දවස් අනන්තයි. ගෙයි සිමෙන්ති පොළවේ නිදාගත්තු අතීතයක් අපිට තිබුණා. ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. කුලී මනුස්සයෙකුට සල්ලි දෙන්න නැතිකම නිසා අම්මයි මායි ගේ හදද්දි වැලි ඇද්දා.ගඩොල් ඇද්දා.
ඒත් එහෙම මහන්සි වුණු ගෙයි අපි අද ජීවත් වෙද්දි ගොඩක් සතුටුයි.
ඒ අපේ මහන්සිය. ඒ අපේ දාඩිය. මගේ අම්මවයි මේ විශ්ව ශක්තියයි මම විශ්වාස කරනවා. මේ ආපු ගමනෙදි කවදාවත් වැඩ නැතිව තිබිලා නැහැ. හැමදාමත් එක් විදිහට යන්න වාසනාව මට ලැබුුණා.

දැන් විවාහ වෙන්නත් කාලේ හරි නේද..?
ඔව් විවාහ වෙන්න ඕනේ… දෙවියෝ හැමදේම වෙලාවට දෙන්නේ නැහැනේ.. මේකත් ඒකම තමයි.

ලෙන්ලි ජොන්සන් ගැනත් කියමු..?
ඔව්… දැන් ජොන්සන් අවුරුදු තුනක් හතරක් විතර ඇති ලංකාවට ඇවිත්.
එයා ලංකාවේ වුණාට කාලයක් එංගලන්තයේ ඉගෙන ගත්තා. කාලයක් ඩුබායිවල හිටියා.
ඒ නිසා අවුරුදු විසි ගණනක්ම එයා ලංකාවේ හිටියේ නෑ. ඉතිං දැන් තමයි ලංකාවට ඇවිත් එයත් පිළිවෙලක් වෙන්නේ.
ලංකාවේ බිස්නස් කරලා තාම එයාට පුරුද්දක් නෑ. එයාටත් කාලයක් දීලා මාත් චුට්ටක් බලාගෙන ඉන්නවා.
නමුත් ඇත්තටම බොහෝ දෙනා කියනවා වගේ කසාද බදින්න කාලය මගේ පැනලා තියෙන්නේ.
හැබැයි මම හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අපිට අපේ හිත තමයි හැමදේටම බලපාන්නේ.
මට වයස පහුවෙලා කියලා කවදාවත් හිතුනේ නැ.
වයස පහුවුණා කියලා මම ඒ ගැන කිසිම දුකක් නෑ. ලැබිච්ච දේවල් හිතලා මම ගොඩක් සතුටු වෙන කෙනෙක්.

කවදා විතර දමිතා විවාහ වෙයිද.?
ලොකු මඟුල් ගෙවල් ගන්න මගේ ආසාවක් නෑ. ඒ ආසාව මට එදත් නෑ. අදත් නෑ.
මේ තරඟකාරී දේවල් දැක්කම මට ඔළුව විකාරයි. ඊට වැඩිය මම හරි කැමතියි බොහෝම චාම් උත්සවයක් ගන්නයි. මම වෙඩින් එක ගන්න දවසට මාත් එක්ක තරහ වෙන්න බොහෝ පිරිසක් ඉඳීවි කිව්වේ නෑ කියලා. මේ නිසා වෙඩින් එක ඉතාම චාම්ව මගේ පිරිසත් එක්ක විතරයි ගන්නේ. ඒ කොහොම වෙතත් බොහෝ විට මේ වසර ඇතුලත අපි දෙන්නා විවාහ වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!