Gossip

මුලින්ම අපයෝජනයට ලක්වෙනකොට හිටියේ පහේ පංතියේ – අමිහිරි මතකයක් එක්කළ විසල්ගේ ජීවිත කතාව

අපි කාගේත් ජීවිතවල අතීත කථාවක් තියෙනවා. ඒ අතීතය සමහර අයට නැවත නැවත මතක් කරලා සන්තෝස වෙන්න තරම් දෙයක් වෙනකොට තවත් සමහර අයට ජීවිතේ එපා කරවන මට්ටමේ හේතුවක් බවට පත් වෙලා. ඒත් ලැබෙන අත්දැකීම් මිහිරි හෝ අමිහිරි වේවා සුන්දර හෝ කටුක වේවා, වඩාත් වැදගත් වන්නේ නොසැලී ඉදිරියටත් ශක්තිමත්ව ජීවිතය පවත්වාගෙන යාමයි.
මේ කතාවත් කටුක අතීතයක සිටියත් ශක්තිමත් අනාගතයක් හිමිකර ගත් අහිංසක තරුණයෙක්ගේ ජීවිත කතාවක් ගැන සති අන්ත පුවත්පතක සටහන් වී තිබුණේ මෙලෙසින්.
පාසලේ ඉගෙන ගන්නා කාලයේ අපි කාගේත් ජීවිතවල ඉතාම සුන්දර මතකයන් ඉතිරි කළත් මේ කතාවට මුල්වුණු විසල්ගේ ජීවිත කතාව නම් අමිහිරිම මතකයක්.
ඉගෙන ගන්න පොඩි කාලේ ඉඳලම දක්ෂයෙක් වුණත් විසල්ට මුහුණ දෙන්නට වුණු වයසට නොගැළපෙන ප්‍රශ්න හින්දා එයාගේ මුළු ජීවිතේම කාලකන්නි වුණා. අහිංසක විසල් මුලින්ම අපයෝජනයට ලක් වෙන කොට ඉස්කෝලේ 5 වන පන්තියේ. හයක් හතරක් හරියට නොතේරෙන අහිංසක දරුවෙක්.
ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්නේ තනියම. වෙනත් ඉස්කෝලෙක පිරිමි ළමයි ටිකක් හැමදාම ඉස්කෝලේ තාප්පෙට හේත්තු වෙලා කෑ ගහනවා. ගෙදරට ඒතරම් දුරක් යන්න නැති නිසා හැමදාම ඉස්කෝලේ ඇරිලා යනකොට විසල් යන්නේ පරක්කු වෙලා. ජීවිතයට එන කරදර කාගේවත් අසරණකම ගැන හිතලා ජීවිතවලට ඇතිවෙන්නේ නැහැ. අහිංසක විසල්ටත් මේ දේට මුහුණ දෙන්නට වුණේ හිතා ගන්නටත් බැරි විදිහට. හැමදාම තනියෙන් යන නිසා මේ දරුවා ගැන අර ළමයි හොඳට ඇහැ ගහගෙන හිටියේ. පාළු වෙලාවක් බලලා විසල්ව ලිංගික අපයෝජනයට ලක් කළා. විසල්ට කළ අපරදේ එයගේ ළමා ජීවිතේ මුළුමනින්ම වෙනස් කළා. විසල් පාසැල් ජීවිතයේ අවස්ථා කිහිපයකදී මේ විදිහේ අපයෝජනවලට මුහුණ දුන්නා. නංගිලා දෙන්නෙක් ඉන්න පවුලේ වැඩිමහල් දරුවා වුණු විසල්ට මේ ගැන අම්මාටවත් තාත්තාටවත් කියන්න පුළුවන්කමක්වත්, වුවමනාවක්වත්, තේරුමක්වත් තිබුණේ නැහැ.
විසල් වයස අවුරුදු 15 ක් 16 ක් වෙන කොට යමක් තේරෙන වයස. ඒත් එයාට තිබුණු මේ පුරුද්දෙන් අත්මිදෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එයා ටියුෂන් පන්තියේ තවත් ගැහැනු ළමයෙක් එක්කත් සම්බන්ධයක් පැවැත්වූවා. වයසින් ඒ තරම් මුහුකුරා නොගියට විසල් ඒ ළමයා එක්ක පවා ඒතරම් අවදානමක් ඇති නොවන ලිංගික සම්බන්ධකම් පවා පැවැත්වූවා.
විසල් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් විශ්ව විද්‍යාලයට යන්න තරම් ලකුණු තිබුණේ නැහැ. අම්මලා තාත්තලාට හොඳට සල්ලි තිබෙන නිසා තමන්ගේ ජීවිතේ ගැන ඒ තරම් බරක් පතලක් විසල්ට තිබුණේ නැහැ. තරුණකමත් එක්ක විසල්ට ඇතිවෙලා තිබුණු හුරුපුරුදුකම් තව තවත් වැඩි වෙනවා හැරුණු විට පාලනය කරගන්න වුවමනාවක් තිබුණේ නැහැ. මේ හැසිරීම නිසා අවාසනාවන්ත විදිහට ඩ්ධ්ඍ ආසදිතයෙක් බවට ලිංගාශ්‍රිත රෝග සායනයෙන් තහවුරු කර ගන්න කොට එයාට වයස අවුරුදු 21 ක් වුණා විතරයි. විසල්ට HIV තිබෙන බව සෙයාගන්න ලැබුණේ අහම්බයකින්. එයා ඒ වෙනකොට සම්බන්ධකම් පැවැත්වූ කෙනාට ඩ්ධ්ඍ තිබෙන බව තහවුරු වුණා. එයා මාර්ගයෙන් ඇතිවුණු සැක කිරීම් නිසා විසල් ගැනත් රුධිර පරීක්ෂණයක් සිදු කළා. ඒ වෙලාවෙ තමයි මේ බව හරියටම දැනගන්න ලැබුණේ.
කොහොම හරි තමාට HIV තිබෙන බව දැනගත්ත වෙලාවේ විසල් වෙනත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක කළමනාකරණ උපාධි අපේක්ෂකයෙක්. තමා ආසාදිතයෙක් බව දැනගත් අවස්ථාවේ විසල්ට ඇතිවුණු මුල්ම ගැටලුව වුණේ මේ රෝගයත් එක්ක තමන්ගේ ඉගෙනීම් කටයුතු සහ අනාගත ජීවිතය සැලසුම් කරගන්නේ කොහොමද කියන එකයි.
ඒ වෛද්‍යවරුන්ට මේ සඳහා සිදුකළ හැකි හොඳම දේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නට පුළුවන් වුණා. තමන්ට තිබෙන රෝගී තත්ත්වය පිළිබඳ රහස්‍යභාවය රැකගෙන ඉගෙනීම් කටයුතු හොඳින් සිදු කිරීම පිළිබඳ විසල්ට තිබුණේ දෙගිඩියාවක්. ඒත් කාලයත් එක්ක විසල් ඒ දේට පුරුදු වුණා. ඒ කොහොම වුණත් ප්‍රතිකාරවලට එන එක විසල්ට කාලයක් යනකොට තරමක් ගැටලුකාරී වුණා. ඒ නිසා මාපියන්ට මේ ගැන කියන්න විසල්ට වුවමනා වුණත් පුළුවන්කමක් නොතිබුණු නිසා ඒ සඳහා උපක්‍රමයක් යොදාගන්න විසල්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට පුළුවන් වුණා.
සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක් තිබුණු විසල්ගේ මාපියන්ට මේ ගැන කියන්න පුළුවන් මට්ටමක තිබෙන බව කරුණු හෙළි කරගන්න පුළුවන් වුණත් විසල්ට තවමත් ඒ ගැන කියන්න තරම් ධෛර්යක් නැහැ.
ඉගෙනීම, රැකියාවක් කිරීම, විවාහ වීම ගැටලුවක් නොවුණත් බිරිඳ සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන විට බිරිඳට මේ ගැන අවබෝධයක් ලබාදීමට අවශ්‍ය බව වෛද්‍යවරු ඔහුට ඒත්තු ගැන්වූවා. ඒ වගේම වෛරස් ප්‍රමාණ මැනබලා තවත් අයකුට බෝවීමේ අවමවන තත්ත්වයකට ප්‍රතිකාර සිදු කිරීමට හැකි බවත්, දරුවෙක් අවශ්‍ය නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා වගේම ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරයා යන දෙදෙනාගේම අධීක්ෂණය යටතේ මෙය සිදු විය යුතු බව තීරණය වූවා.
ජීවිතයට මුහුණ දෙන්නට වෙන සුළු සුළු ප්‍රශ්නවලදී ද සියදිවි හානිකර ගැනීම වැනි විසඳුම් සොයන බොහෝ දෙනා අතරේ තමාට ලැබුණු අත්දැකීම අභියෝගය ශක්තියක් කරගෙන ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන විසල් වැනි චරිත සමස්ත සමාජයටම විශාල ආදර්ශයක් බව ලිංගාශ්‍රිත රෝග සායනයෙන් ඇසෙන මේ කතාවෙන් පැහැදිලි වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!