Gossip

ප්‍රවීණයෙක් මට කිව්වා දිගටම රඟපාන්න ඕනෙනම් ඇමති කෙනෙකුගේ කරේ එල්ලෙන්න කියලා – Photos

අපේ රටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිණීයක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ.
එදා වගේම අදටත් සුන්දර චරිතියක් වන නිල්මිණී පසුගිය දිනක සමිමානයකින්ද පිදුම් ලැබුවා.
ඒ ගැන වගේම අදවන විට ටෙලි නාට්‍ය ක්ෂේතුයට උදාවෙලා තියෙන කලදසාව ගැන සතිඅන්ත පුවත්පතකට ඇය කියලා තිබුණේ මේ විදිහට.

ඔබේ අදහසට අනුව දක්ෂතම නිළිය වීමට තිබිය යුතු මූලික සුදුසුකම් මොනවාද?
උපතින් උරුම වූ කුසලතාවය, අවට සමාජය හා චරිතය ගැන ඇති අවබෝධය. පිටපත හා තමන්ගේ චරිතය වටහා ගැනීමේ හැකියාව, අධ්‍යක්ෂවරයාට අවශ්‍ය චරිතය තමා තුළින් මතුකිරීමේ හැකියාව. එසේ නැතහොත් චරිතයට සාධාරණයක් කිරීමේ හැකියාව, මේ සියල්ල එක්ක උනන්දුව, කැපවීම, දර්ශන තලයේ හැසිරෙන විදිය තමයි වඩා වැදගත් වෙන්නේ.

මේ වනවිට ඔබ දක්ෂතම නිළිය ලෙස ලැබූ සම්මාන හා සමස්තයක් ලෙස ඔබ ලැබූ සියලුම සම්මාන ගැන කතාකළොත්?
මම දක්ෂතම නිළිය විදියට සුමති සම්මාන උළෙලවල් තුනකදී සම්මාන තුනක් ලබාගෙන තිබෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා සිනමා උළෙලයන්හිදීත් සම්මාන ලබාගෙන තියෙනවා. ඒ විදියට බැලුවොත් මේ වනවිට සම්මාන 11ක් ලබාගෙන තිබෙනවා. හොඳම නිළිය, හොඳම සහය නිළිය, නැගී එන නිළිය වැනි සම්මාන වගේම 1995 පැවැති ප්‍රථම සුමති සම්මාන උළෙ‍ලේ දී ජනප්‍රිය නිළිය ලෙසත් සම්මාන දිනාගත්තේ මමයි.

නළුවෙකුගේ හෝ නිළියකගේ වටිනාකම වැඩි වීමට සම්මානයක් හිමිවීම ඉවහල් වන්නේ මොන විදියටද?
සැබෑ සම්මානයකින් නම් ඒ දේ වෙනවා. 1995 මම ජනප්‍රිය නිළිය සම්මාන ලබා ගන්නා විට ‘දූ දරුවෝ’ ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපාලා මම ඉහළම ජනප්‍රියත්වය ලබලයි තිබුණේ. ජනප්‍රිය නළු නිළි සම්මාන ලබන අය දිහා බලලා ඒ කවුද..? කියලා අහන මට්ටමක් එදා තිබුණේ නැහැ. දක්ෂතම නළු නිළි සම්මාන හිමි වූ පසුත් ඊට වඩා අසවලා දක්ෂයි නේද? කියලා මතයක් ගොඩ නැඟෙනවා නම් වැඩක් නැහැ. ඒ වගේ සම්මාන ලබා ගත්තත් ඒ වටිනාකම තියෙන්නේ ටික කාලයයි.

කොයිතරම් දක්ෂ නළු නිළියන්ට වුණත් රඟපාන්න අවස්ථා නැත්නම් දක්ෂතා පෙන්වන්න බැහැ. අද හොඳ නිර්මාණ බිහිවන්නේ නැති බව, ටෙලි නාට්‍යය කලාව වැටී ඇති බව ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ පවා අදහස වී තිබෙනවා. ඔබත් එම අදහසට එකඟද?
ඇත්තටම ඔව්. මම කාටවත් බය නැහැ. මම විවෘතව ඇත්ත කතා කරනවා. මට එක්තරා ප්‍රවීණයෙක් පැවැසුවා නිල්මිණි දැන් ටෙලි නාට්‍යවල දිගටම ඉන්න නම් ඇමැති කෙනෙකුගේ කරේ එල්ලෙන්න කියලා. ඇත්ත ඒ කතාව, ඒ විදිහට එල්ලෙන අයව ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතවලට ගන්න කියලා අදාළ ඇමැතිතුමා ලවා නාලිකාවලට බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටෙලි නාට්‍යය කෙරෙන්නේ ඒ නිළියට ඕන විදිහට. ප්‍රවීණයන්ට පවා බල පරාක්‍රමය පතුරුවමින් ඇය පැමිණෙනවා. ඒ වගේ පසුබිමක හොඳ නිර්මාණ බිහිවෙයිද? මා තවත් උදාහරණයක් කියන්නම්. මේ ළඟදී දවසක එක්තරා පිටපත් රචකයෙක් මට කී දෙයක් තමයි ඒ, ඔහු තමන්ගේ පිටපතේ ප්‍රධාන චරිතවලට දක්ෂ නළු නිළියන් යෝජනා කරද්දී නිෂ්පාදන සමාගම එය ප්‍රතික්‍ෂේප කරලා රඟපෑමේ හැකියාව නැති නිකම්ම නිකම් කීප දෙනෙකුව යෝජනා කළාලු. රචකයා ඊට විරුද්ධ වුණාම ලැබුණු පිළිතුර මොකක්ද දන්නවාද? අපි මේ නළු නිළියෝ ගන්නේ ඒ අයත් එක්ක වැඩකරන්න පහසු නිසා. ඒ අය තමන්ගේ වාහනවල එන්නේ. තමන්ගේම ඇඳුම් ගේනවා. ලන්ච් එකත් අරගෙන එනවා. ඉතින් අපිට වියදම අඩුයි ඔන්න ඕකයි අද තත්ත්වය. ඊට අමතරව අද එක පෙළට රූපවාහිනී නාලිකාවලින් හඬ කවපු ඉන්දීය නාට්‍ය විකාශය කරනවා. කරපු ටෙලි නාට්‍ය පෙන්නන්න විදියක් නැතුව අපේ නිෂ්පාදකවරු ළත වෙනවා. ඔය හේතු දිහා බලද්දී ටෙලි නාට්‍ය කලාව වැටිලා තියෙන කතාව සියයට සියයක් ඇත්ත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!