Gossip

UPDATE: සෆාරි සඳහා යොදාගත් කණ්ඩුල අලියා අවාසනාවන්ත ලෙස මියයයි

හබරණ ප්‍රදේශයේ අසනීප තත්ත්වයෙන් සිටි කණ්ඩුල නම් අලියාගේ අසනීප තත්වයට ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබිය දී අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද ( 11 ) අලුයම මියගොස් තිබෙනවා.

මෙම අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි පැවසෙන පිරිස මෙහිදී අලියාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඉකුත් 09 වැනි දින සවස අනතුරට පත් අවස්ථාවේ පටන් 10 වැනි දින රාත්‍රිය දක්වා අලියා වෙනුවෙන් කිසිඳු පියවරක්ද නොගෙන තිබූ බවත් වාර්තා වනවා.

 

හඟුරන්කෙත බස්නායකවරයෙකුට අයත් අලියෙකු ප්‍රවාහනයේදී ලොරිය ඇතුලෙම වැටුනේ ඇයි? නොසැලකිල්ල කාගෙද?

අලි ඇතුන් ගැන පසුගිය දවස්වල විවිධ කතා මතුවුණා. ඒ කතා අතර අපි දැන් මේ කියන්න යන කතාවනම් ගොඩක් දෙනෙක් කතා කලේ අඩුවෙන්. විශේෂයෙන් වගකිවයුතු නිළධාරීන්.

ප්‍රතිකාර සඳහා හඹරණ සිට පින්නවලට අලියෙකු රැගෙන ඒමේදී කඩුගන්නාව හේනාවල රෝහල අසලදී කන්ටේනර් රථය තුළම එම අලියා ඇද වැටුණු පුවතක් පසුගියදා වාර්තා වුණා. එහෙත් මේවන තෙක් අදාළ බලධාරීන්ගේ ඇස් මේ සඳහා යොමුවී නැහැ.

මේ අලියා කණ්ඩුල නම් අලියෙක්. කෙසේවෙතත් මේ නිසා කණ්ඩුල අසාධ්‍ය තත්වයේ සිටිනවා.

මෙලෙස ඇද වැටීමට හේතුව වෙලා තියෙන්නේ කන්ටේනර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනයයි. තිරිංග තද කිරීමේදී ඇති වූ ගැස්සීමෙන් තමයි කණ්ඩුල මෙහෙම ඇදවැටිලා තියෙන්නේ.

මේ පෙරහර සමය නමුත් හඹරන ප්‍රදේශයේ අලි ඇතුන් සහිත පෙරහරවල් පැවැත්වෙන්නේ නැත.

හඹරන ඇත්තේ අලි සෆාරියි. සංචාරකයින් අලි පිටේ ගොස් නැරඹීමේ ක්‍රියාවලියයි.

නුවර හා අනෙකුත් පෙරහරවල්වලටද කණ්ඩුල ගොස් නැත.

වාහනයේ තිරිංග තද කිරීමේදී ලොරිය තුල පෙරලී යාමට තරම් කණ්ඩුල කෙතරම් දුර්වල තත්වයක සිටියා ඇත්ද?

කණ්ඩුලගේ භාරකාරත්වය ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයේ බස්නායකවරයෙකුට කියලා තමයි වාර්තා වෙන්නේ.

එහෙත් ආධාරක හෝ නොමැතිව ලොරිය ධාවනය කරවීමෙන්ම මෙම අලි හිමිකරුවන් අලින්ට කරනා සැලකිල්ල සම්බන්ධයෙන් ගැටලුවක් පැනනැගෙනවා.

කොහොමවුනත් ප්‍රදේශවාසීන් එකතුවී කණ්ඩුලව කන්ටේනර් රථයෙන් දොඹකර ආධාරයෙන් බිමට ගෙන තිබෙනවා.

වෛද්‍යවරුන් මේවන විට කණ්ඩුලට ප්‍රතිකාර ලබාදෙමින් සිටියත් තවමත් සුව අතට පත්වී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!