Gossip

පිළිකාවෙන් පියයුරු අහිමි කතුන් සඳහා අලුත් Bra එකක් එයි

20
පිළිකා ගැන කිවුවොත් ඉතින් ඒ පිළිකා වර්ග කීයක් තියෙනවාද, එහෙම කියද්දී පියයුරු පිළිකා කියන්නේ ස්ත්‍රී පාර්ශවයට දැඩි ලෙසම බලපෑම් කරන රෝගයක්නේ. ඉතින් ලෝකයේ බොහෝ කාන්තාවන් පිරිසක් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක් තමයි මේක. කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීම සඳහා බලපාන හේතු පිළිබඳ විවිධ මත ඉදිරිපත්වෙනවා. ඉන් එකක් වන්නේ කාන්තාවන්ගේ යට ඇඳුම්ද මේ සඳහා හේතු විය හැකි බවයි.

ඉතින් පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය වන  ඔක්තෝම්බර් මාසයත් ළඟ ළඟම එනවා. ඒක එහෙම වෙද්දී පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන්ම නිර්මාණය කළ bra එකක් පිළිබඳ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

Stella McCartney නම් ලෝක ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් එය නිර්මාණය කර තිබෙනවා. මේ bra එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ පියයුරු පිළිකා හේතුවෙන් පියයුරු ඉවත් කිරීමේ සැත්කම්වලට මුහුණ දුන් කාන්තාවන් වෙනුවෙන්. පියයුරු පිළිකා හේතුවෙන් පියයුරු ඉවත් කිරීමට සිදුවීම බොහෝ කාන්තාවන්ට මානසික වගේම කායික පීඩා රැසක් ගෙන දෙන කරුණක් නේ.

ඉතින් ඔවුන්ට යම් සහනයක් ලබාදීමේ අරමුණ සහිතව නිර්මාණය කළ මේ bra එක මගින් පෙර පැවති සාමාන්‍ය පෙනුමම කාන්තාවන්ට හිමිවන බව නිර්මාණ ශිල්පිනිය කියනවා. ඒවගේම මේ bra විකිණීමෙන් ලැබෙන මුදල් බැර වෙන්නෙත් පියයුරු පිළිකාවෙන් පෙළෙන කාන්තාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කියලයි ආරංචි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!