Gossip

සේයා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කැලයක් පීරා අල්ලා ගනියි

SEYA

ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව, බඩල්ගම දැරිය දූෂ්‍ය කොට ඝාතනය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා.

ගම්පහ, බදුවතුගොඩ කැලයේ සැඟවී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලැබුණු තොරතුරකට අනුව සැකකරු සොයා මෙහෙයුම් කරන පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙම කැලය පීරා සැකකරු සොයාගත් බවත්, මොහු දැරිය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචි අයෙකු බවත් සඳහන්ය.

කෙසේවෙතත් දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනක් රිමාන්ඩ් භාරයේ සිටිති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!