Gossip

කෙසෙල් මාරාන්තික විය හැකිද?

banana

 

එක් වර කෙසෙල් ගෙඩි ගණනාවක් අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක් පවතිනවා.

සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි හයකට වඩා අනුභව කිරීමෙන් පුද්ගලයෙකු මිය යා හැකිද?

මෙම කියමනේ සත්‍යතාව විමසීම උදෙසා විද්‍යාත්මක හේතු සෙවීමටයි මේ ප්‍රයත්නයයි.

කෙසෙල් ලොව ජනප්‍රිය ම පලතුරු වර්ගයක් වන අතර ඉතා මිහිරි රසයකින් යුතු මේ පලතුර ඛනිජ ලවන සහ විටමින් වර්ග වලින් පිරි මිනිස් සෞඛ්‍යයට ඉතා හොඳ ආහාරයක්.

ඉහත කරුණ සත්‍ය නම් කෙසේ ගෙඩි රාශියක් එකවර ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට සිදු විය හැකි හානිය කුමක්ද? කෙසෙල් මාරාන්තික විය හැකිද?

සාමාන්‍ය ප්‍රමාණයේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගු වන අතර එවැනි කෙසෙල් ගෙඩි හයකට වඩා වැඩි ප්‍රමාණයක මිනිස් සිරුරට හානි කළ හැකි තරම් පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වීමට ඉඩ ඇත.

එසේනම් පුද්ගලයෙකුට සිය සිරුරට ශක්තිය සහ පෝෂණය ලබා දෙමින් කෙසෙල් ගෙඩි හයක් හානියක් නොමැතිව අනුභව කළ හැකි නමුත් හත් වැනි කෙසෙල් ගෙඩිය අනුභවයෙන් ඔහු මරණයට පත් විය හැකිද?

පොටෑසියම් අප සිරුරට බලපාන ආකාරය සොයා බැලීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකියි.

ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥවරිය වන කැතරින් කොලින්ස් පවසන්නේ පොටෑසියම් පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය සහ සෘජුවම බලපාන සාධකයක් විය හැකි අතර අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත වන බවයි.

සෛල තුල පොටෑසියම් ක්‍රියාකාරීත්වය විස්තර කළ විශේෂඥවරිය කියා සිටියේ පොටෑසියම් මගින් සෛලයක ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යාමට අවශ්‍ය සියුම් විදුලි ආරෝපණයක් ජනිත කිරීම සිදු කරන බවයි.

මීට අමතරව අග්න්‍යාශය විසින් සිදු කෙරෙන රුධිර ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් උපකාරී වන අතර විශේෂයෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමටත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරයි.
පොටෑසියම් ක්‍රියාකාරීත්වය

සිරුරේ ඇති පොටෑසියම් ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පහත බැසීම හෝ ඉහළ නැගීම මගින් හෘද ස්පන්දනය අක්‍රමවත් කිරීම, උදරයේ වේදනාවක් ඇති කිරීම, ඔක්කාරය සහ පාචනය ඇති කළ හැකියි.

සිරුරට එකවර මුදා හැරෙන ඉතා ඉහළ ප්‍රමාණයක පොටෑසියම් ක්ලෝරයිඩ් හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නැවත්වීමට පවා හේතු විය හැකියි.

කෙසේ වෙතත් හෘද ස්පන්දනය නවතින තරම් පොටෑසියම් ප්‍රමාණයක් කෙසෙල් ගෙඩි මගින් ලබා ගැනීමට නම් දිනක් තුල කෙසෙල් ගෙඩි 300ක පමණ ප්‍රමාණයක් අනුභව කළ යුතු බවයි කැතරින් කොලින්ස් පෙන්වා දෙන්නේ.

වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට පොටෑසියම් මිලි ග්රෑම් 3500ක් පමණ සිරුරට අවශ්‍ය වන අතර ග්රෑම් 125ක් පමණ බරැති කෙසෙල් ගෙඩියක අන්තර්ගත වන්නේ පොටෑසියම් මිලි ග්රෑම් 450 පමණ වන බවයි බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසන්නේ.

එබැවින් වැඩිහිටි පුද්ගලයෙකුට කෙසෙල් ගෙඩි හතක් පමණ ආහාරයට ගැනීමෙන් විද්‍යාත්මක ව අනුමත කරන ලද පොටෑසියම් ප්‍රමාණය කරා ලඟා විය හැකියි.

නමුත් යමෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර රාශියක් එකවර අනුභව කිරීම එතරම් ශරීර සෞඛ්‍යට යෝග්‍ය නොවන බවයි විශේෂඥවරිය වැඩි දුරටත් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!