Gossip

අනවශ්‍ය දර්ශන බලෙන් දාන්න හදනවා.. මම කිසිම දේකට සීමා දාගෙන නැහැ.. – නයෝමි තක්ෂිලා

නයෝමි තක්ෂිලා කියන්නේ පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ඇවිත් දැන් කවුරු අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය රූප රචනාවලිනුත් වැඩිපුරම දකින්න ලැබෙනවා.
මේ ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක පලවී තිබූ අයුරුයි.

නයෝමි තක්ෂිලා කියන්නේ කවුද?
මම හරි සරල ‍පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. ටිකක් විතර කේන්ති යනවා.

ටෙලි නාට්‍ය, වේදිකාවට අමතරව සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණාද?
නිදහසේ පියා කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයත් ළඟදි තිරගත වේවි. තව අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. තවම එහි රූපගත කිරීම් පටන් ගත්තේ නැහැ.

ඔබ උත්සාහ කරන්නේ රංගන ක්ෂේත්‍රයේ දක්ෂ නිළියක් වෙන්නද? ජනප්‍රිය නිළියක් වෙන්නද?
මට ඕන දක්ෂ නිළියක් වෙන්න. ජනප්‍රියත්වය කියන දේ හරි සීමා සහිතයි. ඒ නිසා මම ජනප්‍රිය නිළියට වඩා දක්ෂ නිළියකට කැමතියි.

නයෝමි ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නවාද?
මට ලැබෙන හොඳයි කියන නිර්මාණයකට විතරයි මම දායකත්වය ලබාදෙන්නේ.

නිර්මාණ තෝරාබේරා ගැනීමේදී ඔබට සීමා මායිම් තිබෙනවාද?
නැහැ. එහෙම සීමාවන් නැහැ. සමහර නිර්මාණ තියෙනවා ඇතැම් දර්ශන අනවශ්‍ය ලෙස පෙන්වන්න හදනවා. බලෙන් සමහර දර්ශන ඔබ්බනවා නිර්මාණ ප්‍රසිද්ධ කරගන්න. එවැනි නිර්මාණවලට මම දායක වෙන්නේ නෑ. චරිතයට අවශ්‍ය හොඳ නිර්මාණවලට මම සීමා දාගෙන නැහැ.

ඒ කියන්නේ නයෝමි රංගනයේ ලැබෙන ඕනම අභියෝගයක් භාරගන්නවා?
රඟපෑම කියන්නේම අභියෝගයක්. ඒ අභියෝගය නිතරම හිතේ තියාගෙන තමයි මම වැඩ කරන්නේ.

ඔබ ගීත රූප රචනාවලට වැඩි වශයෙන් රංගනයෙන් දායක වෙනවා?
ඔව්. කරපු ගාණ නම් කියන්න බැහැ. මම විශාල සංඛ්‍යාවකට පෙනී සිටියා. මේ දවස්වල ටෙලි නාට්‍යවල වැඩත් එක්ක ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න ලැබිම අඩුවෙලා තියෙනවා. මම ඒක නතර කරන්නේ නැහැ, දිගටම කරගෙන යනවා.

රංගනය නිසා ඔබට ජීවිතයේ මගහැරුණු දේවල් තියෙනවාද?
මගේ අධ්‍යාපන කටයුතු අවුරුද්දක් ඉස්සරහට දාන්න වුණා. ඒ ඇරෙන්න කිසි දෙයක් මගහැරුණේ නැහැ.

ඔබ කාගෙන්ද ගුරුහරුකම් ලබාගන්නේ?
ප්‍රවීණයොත් එක්ක වැඩ කරද්දී මම කැමතියි ඔවුන්ගේ අදහස් බෙදාහදා ගන්න. මම ඔවුන් එක්ක වැඩ කරද්දී කතාබහ කරලා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නවා. ඒ ඇරෙන්න මගේ ඩ්‍රාමා පාසලෙන් ගත්ත අත්දැකීම් තියෙනවා. සහජ හැකියාවත් අනිවාර්යයෙන්ම ඕන.

අනාගත බලා‍පොරොත්තු මොනවාද?
බලා‍පොරොත්තු ගොඩක් තියෙනවා. කලාව පැත්තෙන් ලොකු ගමනක් යන්න ඕන. එකින් එක ඒ බලා‍පොරොත්තු ඉටු කරගෙන යනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!